අපි හිත හදාගෙන ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳා ගමු!

0

මහනුවර දි ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන ඇති සියළු පුද්ගලයින්ට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා සිටිනවා.

ඊයේ (11) වැල්ලම්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“ස්වල්ප දෙනෙක් කරපු මේ විනාශකාරි ක්‍රියාව නිසා අද මුළු ලෝකයෙන්ම දොස් අහන්න තියෙන්නේ සිංහල ජනතාවට. මේක ආරම්භ වුණේ එක් මුස්ලිම් තරුණයෙකුට බීමත්ව හිටපු මුස්ලිම් තරුණයින් තුන්දෙනෙක් පහර දීපු නිසා. ඒ නිසා මම හිතුවා විගහම ඊලඟ සති කිහිපය තුළ දි මේ පරීක්ෂණ අවසන් කරලා ඒ අයට විරුද්ධව නඩු පවරන්න කියලා. මම නීතිපති දෙපාර්තමේන්තුවටත් කියන්න යනවා මේ වැඩ කටයුතු සීග්‍රයෙන් අවසන් කරන්න කියලා.”

” අපි අවුරුදු 30ක් යුද්ධ කළා. අපි අතර තිබ්බ සමගිය ඒ නිසා තුනි වුණා. සමහර තැන් වල සමගිය නැති වුණා. මේ ව්‍යවසනය අපිට ඇති වුණේ මේ සමාජ මාධ්‍ය ජාලාවල ස්වල්පදෙනෙක් කරපු වැඩ නිසා, විශේෂයෙන්ම අන්තවාදය ප්‍රචණ්ඩය පැතිරවීම විශාල ප්‍රශ්නයක්. අන්තිම කාලයේ සමාජ මාධ්‍ය ජාල වලින් කියනවා මේ පල්ලිවලට ගහන්න ගිනි තියන්න කියලා. ඒක කාටවත් අනුමත කරන්න බෑ. අපි දැන් හිත හදා ගමු. අපි මේ රටේ නීතිය හා සාමය කරනවා, මේ ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳා ගමු කියලා.” අගමැතිවරයා පවසා සිටියා.

Ranil Wickremesinghe