සමාජ මාධ්‍ය ජාලා පාලනයට නීති ගේනවා…!

0

මහනුවර ජාතිවාදි කෝලාහලය අවුලුවා හැරීමට කටයුතු කළ පුද්ගලයින් පිළිබඳව මේ වන විට සම්පූර්ණ පරීක්ෂණ කරමින් පවතින බවත් එයට සම්බන්ධ පිරිස් ලඟදීම එළිකරන බවත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරනවා.

ඊයේ(11) මොණරාගල පැවති මාධ්‍ය හමුවකදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මේ බව පැවසුවා.

“පසුගිය දින දෙකේම මහනුවර දිස්ත්‍රික්කයේ කිසිම ප්‍රශ්නයක් වෙලා තිබුණේ නෑ. දැන් සම්පූර්ණයෙන් පාලනය කරල තියෙනවා. පරීක්ෂණ වලදී දැක්කා පිටස්තර අය මේකට ඇවිල්ලා තියෙනවා. සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු පොලීසී වලට ගිහින් තර්ජනය කරලා තියෙනවා පිට අයව බේරගන්න. ඒ අයගේ වැරදි එළි කරයි කියලා අද ආණ්ඩුවේ නොයෙක් ඇමතිවරුන්ගේ නම් මේකට එකතු කරන්න හදනවා. අපි වාර්තා වලින් පැහැදිලිව දැක්කා කවුද මේකට සම්බන්ධ වුණේ කියලා. සම්පූර්ණ පරීක්ෂණයේන් පසු අපි මේක රටට හෙළි කරනවා. ”

අවුරුදු 17ක සහ 18ක ළමුන් දෙදෙනෙක් අත් අඩංගුවේ ඉන්නවා කියනවා?

“අපි බලනවා ඒ තරුණ ළමයි මේකට පොළඹවපු සංවිධාන මොනාද කියලා. ඒ ළමයි social media එක හරහා නොයෙක් නොයෙක් ප්‍රචාර කරලා තියෙනවා. අපි කැමති නෑ පාසල් ළමුන් අධිකරණයට ගේන්න. නමුත් මේ පිටුපස ඉන්න අයට අවශ්‍ය පියවර ගන්නවා. මේ ප්‍රශ්නය ඇතිවෙන්න social media එක බොහොම නරක විදියට ඒ තුළ කටයුතු කරලා තියෙනවා. චීනය වගේ වෙනත් රටවල මේ දේවල් සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. මේ ප්‍රශ්නය නොබෝ දිනකින් සමනය වුණාට පස්සේ නැවත මේක විවෘත කරනවා. හැබැයි මේකෙන් රටේ අයහපතට යොදන අවස්ථා නවත්වන්න අවශ්‍ය අණපනත් ඒ එක්කම ගේනවා. “