Face Book එක වැහුවා නම් මගේ නඩු භාගයක් ඉවරයි….!

0

ජනතාවට ෆේස්බුක් අවහිර වූවාට ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ෆේස්බුක් ගිණුම් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ චෝදනා කරනවා.

පහුගිය දා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා එදා ෆේස්බුක් එක වැහුවේ නෑනේ. දැන් ෆේස්බුක් වැහුවට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙයි, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙයි ෆේස් උක් එක වැඩ. අපේ ඒවා තමයි වැඩ නැත්තේ. ෆේස්බුක් ඇහුවානම් මගේ නඩු භාගයක් ඉවරයි. මගේ නඩු භාගයකම අහන්නේ, ඔරලෝසු පෙන්නලා අහනවා මේ ෆේස් බුක් එකේ තියන මේ ඔරලෝසු කෝ කියලා. ෆේස්බුක් එකේ ඉන්න අශ්වයෙක් ගෙනල්ලා අහනවා මූ කෝ කියලා. ෆේස් බුක් එකේ තියන කාර් එකක් ගෙනල්ල අහනවා මේ කාරෙක කෝ කියලා. එදා මහින්ද මහත්තයා ෆේස්බුක් තහනම් කළා නම් මගේ නඩු එකක්වත් නෑ.”මන්ත්‍රිවරයා පවසා සිටියා.