මාධ්‍ය අමාත්‍යාංශයත් අභිබවා ගිහින් ෆේස්බුක් තහනම් කළේ ආරක්ෂක අංශ හා රජයේ වෙනත් බලවේග…..මේ මෝඩ අමන තීරණය ඉක්මනින් ගලවන්න වෙයි!

0

සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට ආණ්ඩුව ගනු ලැබූ මෝඩ අමන තීරණය ඉතා ඉක්මනින් අකුලුවා ගැනීමට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරන බව සමාජ ක්‍රියාකාරි නාලක ගුණවර්ධන සඳහන් කරනවා.

ඊයේ (12) කොළඹ දි පැවති තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳ සම්මන්ත්‍රණයකදි ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

“ෆේස්බුක් මුළුමනින්ම අවහිරකරලා වයිබර් වට්ස් අප් අඩපණ කරලා තියන වෙලාවක කොහොමද මේ හොද දේකට සමාජ මාධ්‍ය යොදාගන්නේ කියලා සැළසුම් කරනවා, කමක් නැහැ. මේ මෝඩ අමන තහනම හෙට අනිද්දාම ගලවා ගැනීමට සිදු වෙයි කියලා අපි ප්‍රාර්ථානා කරමු. එතකොට මේ සැළසුම් හිතන පරිදි ක්‍රියාත්මක කරන්න පුළුවන්.”

“අපේ මේ මාධ්‍ය අමාත්‍යාංශයේ හඬ මීට වඩා නැගෙන්නටත් ඕන. මට තේරෙන හැටියට භාහිරින් සිටින නීරීක්ෂකයෙකු විදියට මට පේන්නේ මාධ්‍ය අමාත්‍යාංශය අභිබවා ආරක්ෂක අංශ හා රජයේ සිටින වෙනත් බලවේග තමයි මේ තහනම පැනෙව්වේ හා දැනටත් පවත්වා ගෙන යන්නේ,”ඔහු මෙහිදි පවසා සිටියා.