ආණ්ඩුව තුළ විනයක් නැතිවීම නිසා රටම විනාශ වුණා…..ආණ්ඩුව ඇතුලේම කට්ටිය කුළල් කා ගන්නවා…!

0

රජයේ ක්‍රියා කලාපයන් නිසාම රජය අපකීර්තියට ලක් වී ඇති බව පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් පවසා සිටිනවා.

ඊයේ(12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

“අද අපේ රටේ තිබෙන සෝචනීය තත්ත්වය තමයි, රජය කියන යාන්ත්‍රණය සම්පූර්ණයෙන් කඩා වැටිලා තියෙනවා. සරත් ෆොන්සේකා මැතිතුමා දැඩි ලෙස විවේචනය කරනවා රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ පත්වීම. කෝ ආණ්ඩුව තුළ විනයක්? ජනාධිපතිතුමාගේ තීරණය පිළිකුල් සහගතව ප්‍රතිකේෂ්ප කරනවා කියලා ප්‍රකාශ කරනවා. මේවා මගේ නෙවෙයි සරත් ෆොන්සේකා මහත්මයාගේ වචන. රට තුළ විනයක් ඇති වෙන්නෙ කොහොමද රටේ උත්තරීතර මණ්ඩලය වන  කැබිනට් මණ්ඩලයේ පත් කිරීම් සම්බන්ධව කුලල් කා ගැනීමක් එහි සාමාජිකයින් අතරම  වෙද්දී. රජයේ ප්‍රශ්න ගැන බොහොම එඩිතරව කතා කරන මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා කියනවා, මේ සියල්ල දෙස බැලීමේදී නොකියා බෑ,මේ රජය තුළ සිටීමත් ලැජ්ජාවට කාරණයක් කියල. පොලීසිය සම්පූර්ණයෙන්ම විනාශ කලේ කවුරුවත් නෙවෙයි මේ රජය.”

“ඉපලෝගම ප්‍රදේශයේ OIC ගියා යම් ප්‍රශ්නයක් සම්බන්ධව මැදිහත් වෙලා රැස්වෙල හිටපු අයට උපදෙස් දෙන්න. මොකද වුණේ?  OIC ට හූ කිව්වා. අවසානයේ OIC ට සිද්ධ වුණ එතැනින් පලා යන්න. පොලීසිය ඒ තත්ත්වයට පත් කළේ මේ රජය. ඒනිසා තමයි පොලීසිය හරහා කිසිම දෙයක් කරගන්න බැරි. ඉදිරියේදී බුද්ධි අංශයෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අද මොකක්ද ඒ අයට වෙලා තියෙන්නේ, ඔවුන්ව හිරේ දාලා.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කණපිට ගහලා ත්‍රස්තවාදීන්ට විරුද්ධව නෙවෙයි බුද්ධි අංශයට විරුද්ධව පාවිච්චි කරලා.”
“මුළු රටම වෙලා ගත්ත හදිසි නීතිය පැනවීමෙන් ජාත්‍යන්තරය තුළ අපේ රට ගැන සම්පූර්ණයෙන් වැරදි මතයක් ගොඩ නැගුවා.සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ල වුණා. මේ තත්ත්වය තුළ කිසි සේත්ම ආයෝජන අපේ රටට එන්නේ නෑ. හෝටල කාමර දහස් ගණනක් අද අවලංගු කරලා තියෙනවා.”

ඒකාබද්ධ විපක්ෂය එක්ක වැඩ කරපු පළාත් සභා මන්ත්‍රී කෙනෙක් අපි දැක්ක තලංගමදී බස් රියදුරෙකුට ගහනවා.?
“ඒක දෙපත්තට වැනිලා බැලන්ස් කරල කතා කිරීමේ කිසිම් අවශ්‍යතාවයක් නෑ. ඒක ඉතාමත් නින්දිත, පිළිකුල් සහගතව විවේචනය කළ යුතු සිද්ධක්. ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතුයි කියලා අපි ප්‍රකාශ කරනවා.”