ඒකාධිපති පාලනයට විරුද්ධව බලයට ඇවිත් ඒකාධිපති පාලනයක් කරා රට ගෙනියන බංකොලොත් ආණ්ඩුවක්!

0

මහජන චීන ආණ්ඩුව තුළ ඇති ඒකාධිපති පාලනය වැනි පාලනයක් කරා රට ගෙන යාමට වර්තමාන ආණ්ඩුව සුදානම් වන බව නීතිඥ සංවිධාන එකමුතුව පවසා සිටිනවා.

ෆේස් බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි වලට පිවිසීම අවහිර කිරීම සම්බන්ධයෙන් ඊයේ (12) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් එම සංවිධාන එකමුතුව පවසා සිටින්නේ සමාජ මාධ්‍ය අවහිර කිරීම තුළින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ කැඳවුම්කරු-නීතිඥ මනෝජ් ගමගේ,
“මේ රජය කරන්න ගිය ක්‍රියාමාර්ගය දැන් ක්‍රම ක්‍රමයෙන් එළියට එමින් පවතිනවා. චීනය වැනි රටවල් වල ක්‍රියාත්මක වන ආකාරයේ සමස්ත අන්තර්ජාලයටම පෙරහන් පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. චීනය කියන්නේ ලෝකයේ තිබෙන මානව හිමිකම් කිසිම දෙයක් නොමැති රටක්. යහ පාලන රජයට අවශ්‍ය වෙලා තියෙන්නේ ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් වන අපෙ මේ  රට ගෙනයන්නද අර චීන මහජන සමූහාණ්ඩුව කියන නම යටතේ පවතින ඒකාධිපති පාලනයක් සඳහාද?  චීනයේ ක්‍රියාත්මක වන ආකාරයට අන්තර්ජාලයට පෙරහණ පද්ධතියක් යෙදීමට උත්සාහ කරනවා නම් මේ රජය හෝ කණ්ඩායමක් විසින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පවා යෑමට අපි සූදානම් කියන එක අපි කියන්නට කැමතියි.”