ආණ්ඩුවේ නොහැකියාවට මෝඩකමට මිනිස්සුන්ගෙන් පළි ගන්නෙපා… ආණ්ඩුවේ වාරණයට විරුද්ධව සමස්ථ වෙබ් සහ සමාජ ජාලා ක්‍රියාකාරින් නැගිසිටියි.

0

ජාතිවාදය මුවාවෙන් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිම සදහා වසා දැමු facebook ඇතුලු සමාජ ජාලා යලිත් විවෘත කලද ඊළඟ ඡන්දයකදි හෝ රටේ ජනතාවට අතීශය වැදගත් පනතක් පාර්ලිමේන්තුවට ගෙන එමේදි රටේ ජනතාවගේ සංවාදය නතර කිරිම සදහා ආණ්ඩුව යලිත් facebook ඇතුලු සමාජ ජාලා  අවහිර කිරිමට ඉඩ ඇති බව හිටපු ජනාධිපති මාධ්‍ය ලේකම්වරයෙකු වූ ඕෂල හේරත් ජනතාවට අනතුරු අගවනවා.

ජාතිවාදයට මුවා වී ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වාරණයට විරුද්ධව ස්වාධීන සමාජ ජාලා ක්‍රියාධරයන් ඇතුළු වෙබ් මාධ්‍යවේදීන්ගේ සමුළුවක් ඊයේ (13) උදේ කොළඹ මරදානේ සාමයික කේන්ද්‍රයේ දී (CSR)හිදි පැවැත්විණ. එම අවස්ථාවට ප්‍රමුඛ පෙළේ වෙබ් පිටු පවත්වාගෙන යන කණ්ඩායම් සහ ප්‍රබල වෙබ් අඩවි රැසක් නියෝජනය කරමින් මාධ්‍ය ක්‍රියාකාරින් පිරිසක් එක්ව සිටි අතර lankanewsalert.com නියෝජනය කරමින් මාධ්‍යවේදීන්ද එම අවස්ථාවට එක්ව සිටියා.

එහිදි අදහස් දැක්වු  හිටපු ජනාධිපති මාධ්‍ය ලේකම්වරයෙකු වූ ඕෂල හේරත් 

“ඇත්තෙන්ම මම කට්ටිය එකතු කරන්න කතා කළාම අද මෙතැන ඇවිත් ඉන්නේ 30ක් වගේ ප්‍රමාණයක් වුණත්, මේ ඔක්කොම එකතු කළාම මිලියන 15ක පමණ followers ලා ඉන්න pages තියෙනවා. ලංකාවේ ගත්තොත් facebook වල මිලියන 6ක් පමණ ඉන්නවා. ඒ සියළු දෙනාම නියෝජනය කරන්න පුළුවන් ප්‍රමාණයක ownersලා, adminsලා අද මෙතැනට ඇවිල්ලා ඉන්නවා.”

“එහෙම එන්න හේතුව තමයි social media කියන්නෙ අපිට කතා කරන්න නිදහස තිබ්බ තැන. මම පෞද්ගලිකව කියනවා නොවැම්බර් 21 මම නිව් ටවුන් හොල් ආපු කෙනෙක් පොදු අපේක්ෂකයා වෙනුවෙන්. එතැනට එන්න හේතුව තමයි අපිට ලොකු බියක් තිබුණා හිටපු ජනාධිපතිවරයා social media වාරණය කරයි කියන එක. එදා අපි ඒ ගැන කතා කළා,ලිව්වා, කිව්වා. ඒත් අද අපි ලැජ්ජා වෙනවා අපි පත් කරපු ආණ්ඩුවම අද වෙනකොට social media වාරණය කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා.”

“අද අපි මෙතැන එකතු වුණ හැමෝම ජාතිවාදයට විරුද්ධයි, වෛරීය භාෂණයට විරුද්ධයි, ආගම් භේදයට විරුද්ධයි. ඒ ගැන කිසිම ගැටළුවක් නෑ. සමාජ මාධ්‍ය ජාලා ගත් විට ෆේස් බුක් ලෝකයේ හැම රටකම තියෙනවා, චීනය වගේ ඇරෙන්න. ඒ සමාජ මාධ්‍ය ජාලය තුළ කැරලි ඇතිවෙන්න හැකියාවක් පවතිනවා නම් ඇත්තෙන්ම මීට වඩා ඕනෑතරම් අවස්ථා තිබුණා. සමාජ මාධ්‍ය ජාලා වල පැවති ලොකුම බලපෑම් වන්නේ රටක ජනතාවගේ මතවාදයන් ඔස්සේ රටක ආණ්ඩුව පෙරලීමට, වෙනත් ජනමාධ්‍ය වලින් ප්‍රචාරය කළ නොහැකි වූ සමාජ කතිකාවන් තුළින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංවාද ගොඩ නැගීමට හැකිවීම වැනි දෑ තුළින් රටේ දේශපාලඥයින්ට සේම අනිකුත් විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලට අහිතකර බලපෑම් එල්ල වීම වැනි හේතූන් නිසා ලංකාවේ රජයට පමණක් නොවෙයි විදේශීය රටවල රජයන්ට පවා මෙම සමාජ මාධ්‍ය ජාලා පාලනයට අවශ්‍යතාවය ඇති විණි.”

“නමුත් රජය පවසන් අකාරයට මේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජාතිවාදය ඇතිවන අයුරින් වෛරීය භාෂණයක් වූ බවට කරනු ලබන චෝදනා සියල්ලම අමූලික අසත්‍යයක් බව පැවසිය යුතුයි. මොකද සමාජ මාධ්‍ය ජාලා අතරින් facebook ගත් විට මෙහි සියළුම කාර්‍යන් සඳහා ආවේණික වූ නීති පද්ධතියක් පැවතීමයි. එසේම සමාජ මාධ්‍ය ජාලා යනු සමාජයේ තවත් එක් ප්‍රධාන පැතිකඩක්. ඒ නිසා අමුතුම නීති පද්ධතියක් අවශ්‍ය වෙන්නේ නෑ socila media පාලනය කරන්න. facebook වල ඉන්න කට්ටිය මොනයම් හෝ වෛරී භාෂණයක් කරනවා නම් සමාජය ඉදිරියේ ඒ අයුරුන් හැසිරුණාම ක්‍රියාත්මක කරන නීතියම ක්‍රියාත්මක කරන්න පුළුවන්. facebook එකම උදාහරණයක් ලෙස ගත්තොත්,ඒකේ තියෙනවා නීති අංශයක් ඒ හරහා රජයට පුළුවන් සාමාන්‍ය පුද්ගලයෙකුට චෝදනා ගොනු කරනවා වගේ අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා , යම්කිසි නියෝගයක් අරගෙන, ඇත්තටම ඒ portal එක තියෙන්නේ රජයන් වලට විතරද? Govකියන ඩොමේන් නීතියෙන් හරි පොලිස් කියන ඩොමේන් නීතියෙන් හරි විතරයි ඒකට යොමු කරන්න පුළුවන්. ඒ විදියට අදාළ ලියකියවිලි facebook එකට යැව්වාම facebook එකෙන් ඒ විදියට ජාතිවාදය පතුරුවන අයගේ තොරතුරු දෙනවා.”

“එතනින් එහාට ලංකාව ඇතුළේ ඉතිරි නීතිමය කටයුතු කරන්න පුළුවන්. facebook එකේ මේ නීතිමය අංගයන් හැම රටකම වගේ පාවිච්චි කරනවා. හැබැයි පහුගිය ආණ්ඩුව අපේ රටේ මේ නීතිය පස් වතාවක්වත් පාවිච්චි කරලා නෑ. ගිය අවුරුද්දේ බලද්දී දෙපාරයි පාවිච්චි කරලා තිබුණේ. අපේ ආණ්ඩුවේ, පොලීසියේ, බුද්ධි අංශයේ නොහැකියාව නිසා තමයි අතීසාරයට අමුඩ ගහන්නා වගේ වැඩක් කරන්න මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ.”

“ඊට අමතරව ජනතාවම දැනුවත් කරන්න ඕනේ අපේ මොකක් හෝ වේවා, අපේ ජනතාවට facebook ගිහිල්ලා chat කරන්න පුළුවන්, post කරන්න පුළුවන් වුණාට report කරන හරිය කරන්න, facebook එකේ අපහාසයක් කරනවා කියලා මේ ඇමතිවරු කියනවා. එහෙම කලාම facebook එකේ වෙනම් ෆොරම් එකක් තියෙනවා Defamation Reporting Form කියලා. ඒ Defamation Reporting Form එකේ කරපු අපහාසය ලියලා, ඒ පෝස්ට් එකේ link එක දීලා, මෙහෙමයි අපහාසය වෙන්නේ, මේ රටේ නීතියට අනූව මෙහෙම අපහාස කරන්න බෑ කියලා facebook එකට දුන්නොත් facebook එකෙන් ඒක අයින් කරනවා.”

“බාල වයස් කාරයින් සම්බන්ධව වෙනම link එකක් තියෙනවා. මේ විදියට මේක භාවිතා කරන්න මිනිස්සුන්ව දැනුවත් කරන්නේ නැතුව, ඊටත් වඩා මේ ගැන ආණ්ඩුව දැනුවත් වෙන්නේ නැතුව facebook එකේ නීති අංශයපාවිච්චි කරන්න පොලීසිය දැනුවත් වෙන්නේ නැතුව මේ ප්‍රශ්නය විසදන්න බෑ.”

“අපි කියන්නේ නෑ facebook එකේ කරන හැම දේකටම ඉඩ දෙන්න කියලා. නමුත් මේ facebook එක සමාජයේ තවත් පැතිකඩක් සේ සලකලා නීතිය ඒ විදියටම ක්‍රියාත්මක කරන්න. නමුත් facebook එක වාරණය කරන්නෙපා. මොකද මෙහෙම වාරණය කරනවා කියන්නේ මිනිස්සුන්ට කතා කරන්න නිදහස නැති කරනවා කියන්නේ මිනිස්සුන්ට හුස්ම ගන්න හුළං ටික නැති කරනවා වගේ වැඩක්. facebook එක කියන්නේ ඇත්තෙන්ම මේ රටේ බහුතරයක් කතා කරන තැන.”

“මේක නිහඩ මිනිස්සු කතා කරන තැනක්. කිසියම් දෙයක් නිසා හෝ ඔවුන්ගේ මනසේ තිබෙන පීඩනයක්, සමාජ අසාධාරණයක් ගැන තමන්ට දැනෙන දේ කියන එක හොදටම අධ්‍යයනය කරන්න පුළුවන් තැන තමයි facebook එක. ඇත්තටම මේ ඊයේ පෙරේදා පැවති ඡන්දයෙන් පැරදුණාම ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් ඇවිල්ලා කියනවා මේක අනපේක්ෂිත තත්ත්වයක් කියලා. නමුත් මම ඡන්දයට සති 2කට කලින් facebook එකේ wall එකක් කරන්න ගත්තා, ඒකෙන් ඇහුවා ඔබ කාටද ඡන්දය දෙන්නේ කියලා. ඒකේ පැහැදිලිවම තිබුණා ඒ ඡන්ද ප්‍රතිඵලය. ඒක කිව්වාම කිව්වා ඒක මහ විකාරයක් කියලා. නමුත් ඇත්ත තත්ත්වය නම් facebook එකෙන් ආණ්ඩුව හරියට මේ සමාජයේ ප්‍රශ්න දිහා බලනවා නම් ඉස්කෝල වලට ටැබ් දෙන්න ඕනාද ඉස්කෝල වල වැසිකිළි හදලා දෙන්න ඕනාද කියන එක තේරුම් ගන්න ආණ්ඩුවට තියෙනවා හොද අවස්ථාවක් එකක්. නැතුව ආණ්ඩුව දැන් හිතන් ඉන්න මනඃකල්පිත දේවල් හිතාගෙන කරන දේවල් හරියන ක්‍රියාවක් නෙවෙයි.”

“ආණ්ඩුව මේ social media එක පාවිච්චි කරන තැන් උදාහරණයක් විදිහට ගත්තාම ඊයේ පෙරේදා මහින්ද අමරවීර මහතා කිව්වා චීනය මේක පරිපාලනය කරනවා කියලා. එතකොට මම අහනවා චීනය එහෙම කරනවා නම් එතකොට චීනයේ නේද ඊයේ පෙරේදා ජනාධිපතිට ජීවිතාන්තය තෙක් ජනාධිපති ධූරයේ ඉන්න පුළුවන් කියලා නීතියක් ගෙනාවේ, එහෙනම් අපි මොකටද 18 අහෝසි කරේ 19 ගෙනැල්ලා. අපිට වලංගු නැති දේවල් කොයි රටේ කළත් අපි ප්‍රතික්ෂේප කළා නම් එතකොට ඇයි ඒවා කියන කොට ඒවා අර රටේ කළා මේ රටේ කළා කියන එක වලංගු නෑ. චීනයටත් බැරිවෙලා තියෙනවා අද social media එක නතු කරගන්න. මාර්ක් සකර්බර්ගේ නෝනත් චීන ජාතිකාවක්. චීනය social media නවත්තයි. නමුත් facebook එක වෙනස් කළේ නෑ ඒගොල්ලෝ කරන පාලනය කරන්න.”

“මේ දැන් අපිට ආරංචි එන විදියට ආණ්ඩුව කියන්න උත්සාහ කරනවා facebook එකට අපි report කරන දේවල් ,අපි කියනවා නම් මේ මේ pages ජාතිවාදී ආණ්ඩු විරෝධී කියලා ඕගොල්ලෝ ඒවා block කරන්න ඕනේ කියලා කියනවා නම් අපි ඒක නිදහස් කරනවා කියලා. ඇත්තටම පොලීසියේ කාර්යය අණ්ඩුවට කරන්න පුළුවන්. නමුත් උසාවියේ කාර්යය ආණ්ඩුවට කරන්න බෑ. මොකද ඒ තීන්දු දීමේ හැකියාව තියෙන්නේ ලංකාවේ තියෙන අධිකරණයකට. ඒ ස්වාධීන අධිකරණයක් හරහා facebook එකට නියෝගයක් කරන්න පුළුවන් නම් ආණ්ඩුව කියන පයින් Facebook එකට ආයේ තර්ජනය කරන්න ඕනේ නෑ එහෙම කරන්න අරම කරන්න කියලා.facebook එක පැහැදිලිවම කියනවා සර්ට් එක වැනි ආයතනයක් හරහා ඒගොල්ලන්ට යොමු කරන්න මේ කරුණු කාරනා, මොකද ඒගොල්ලන්ට භාෂාමය නොහැකියාවකුත් තියෙනවා. ඒගොල්ලන්ට යොමු කරන්න කියනවා ඇයි මේ profile එක ජාතිවාදී කියන්නේ? කියන්නලු. ඔවුන් ඒ පිළිබඳව අධීක්ෂණයක් කරන්නම් කියනවා.”

“මම පෞද්ගලිකව මේ සතියට ජාතිවාදී පේජ් හය හතක් block කළා ෆේස් බුක් ආයතනයට report කරලා. මම කැමති අහන්න ආණ්ඩුව කීයක් report කලාද කියලා. ආණ්ඩුවට එකක්වත් කියන්න බෑ. මොකද මම දන්නවා එක්කෝ මම් නැත්නම් අපේ මේ හිතවත්තු තමයි එහෙම කළේ. ආණ්ඩුවේ නොහැකියාවට මෝඩකමට මිනිස්සුන්ගෙන් පළි ගන්නෙපා. ඒ කතා කරන නිදහස අරීන්න ඉඩ දෙන්න. මං ඉදිරියෙදී කියන්නම් අපි ඉදිරියෙදී මොකද කරන්නේ යන්නේ කියලා.”

“අපිම මෙතනට එකතු වුණේ එක අරමුණක් වෙනුවෙන්.අපිට මෙතන අරමුණු ගොඩක් කරන්න බෑ මොකද මෙතන ඉන්නවා හැම පක්ෂයම නියෝජනය කරලා.පැහැදිලිවම ජනවාරි 8 මහින්ද රාජපක්ෂට දීපු 58ලක්ෂයටවත් මෛත්‍රීපාල සිරිසේනට දීපූ 62ලක්ෂයටවත් ප්‍රශ්නයක් නෑ. දෙගොල්ලන්ටම තියෙන්නේ මත වාදය පිළිබඳව ප්‍රශ්නයක්.දෙක ඒක ආණ්ඩුවට යුතු බලපෑම් කරන්න බැරි තැනක් හැටියට දිගටම පවත්වා ගැනීමේ අවශ්‍යතාවය අපට තියෙනවා. හෙට අනිද්දා වෙද්දී මේ වාරණය අරියි. නමුත් අපිට පොඩි බයක් තියෙනවා ඊළඟ ඡන්දය වෙද්දී, පාර්ලිමේන්තුවට පනතක් ගෙනෙද්දී ඒකට අපේ සංවාදය නවත්තයි කියලා. ඒක කරන්න අපිට ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ. මොකද ආණ්ඩුවට පුළුවන් බැලුම යට දාන්න උඩ එක නවත්වන්නට.නමුත් ඒවගේ මිනිස්සුන්ව යට ඔබන්න බෑ. මිනිස්සුන්ට නිදහසේ කතා කරන්න මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න ආණ්ඩුව මේක පාවිච්චි කරන්න ඕනේ. අපි ඒ නිසා අනිවාර්යෙන්ම හෙට ඉදලා පටන්ගෙන එකමුතුවක් හැටියට ලංකාවේ තියෙන සෑම තානාපති කාර්‍යාලයකටම භාර දෙනවා.”