අනාගතයේ සාධාරණ මැතිවරණ පැවැත්වීමට සමාජ මාධ්‍ය ජාලා සඳහා නව නීති අවශ්‍යයි….!

0

සතියක පමණ කාලයක් පුරා පනවා තිබූ තහනම ඉවත් කරමින් ‘වයිබර්’ සමාජ මාධ්‍ය ජාලය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූවා. ඒ අනුව අද (14)  ෆේස්බුක් සමාගමේ නිලධාරින් සමග කරන සාකච්ඡාවකින් පසුව  එම තහනම ද ඉවත් කිරීමට කටයුතු කරන බව රජය දක්වා සිටියා.

ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදි ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම නුසුදුසු බව අමාත්‍ය පාඨලි චම්පික පෙන්වා දුන්නා.

“අපේ රටේ 15%ක් ඉන්නේ පිටරට, ඒ මිනිස්සුත් එක්ක ගණුදෙනු කරන්න, ඒ අයත් එක්ක කතා කරන්න ඒ සබඳතා සියල්ලටම ඒනිසා විශාල බාධවක් එල්ල වෙලා තියෙන්නේ. ඒනිසා මේක අපිට අමතක කරලා නම් යන්න බෑ. ඉතින් කොහොමද අපි මේ පාලනය කරන්නේ. එකත් තියන නීතිය යටතේ මේවා අවිධිමත් ලෙස මේවා යොදා ගන්නා පිරිස් වලට එරෙහිව පාවිච්චි කළ යුතුයි ඒවාට නිසි ප්‍රචාරය දිය යුතුයි. දෙවැනි එක අවශ්‍ය නම් නවන් නීති ගෙන ආ යුතුයි. විශේෂයෙන්ම මැතිවරණ වලදි මේ ප්‍රශ්නය අද ලෝකේ පුරාම ඇවිල්ලා තියනවා. දැන් අපේ රටෙත් පසුගිය මැතිවරණ වලදි එවැනි සිදුවීම් වාර්තා වුණා. ඒ නිසා වහාම මේ රටේ සාධාරණ මැතිවරණ අනාගතයක් පවත් වන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් නව නීති රීති අවශ්‍ය වෙනවා.” අමාත්‍යවරයා පවසා සිටියා.

Champika Ranawaka