ෆේස්බුක් තහනමින් හිඟන ආණ්ඩුවේ ආදායම ඉහළ ගිහින්ලු…….!

0

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම නිසා රාජ්‍ය ආයතන වල ආදායම ඉහළ ගොස් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටිනවා.

ඊයේ (13) පස්වරුවේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ජපානයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් පිරිසක් මුණ ගැසුණු අවස්ථාවේදි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“මහනුවර ගැටුම් වැඩි වෙන්න මූලික ස්ථානයක් වූ තෙල්දෙණිය සිද්ධිය, එතනට ජනතාව ඒකරාශි කරන්න මූලිකත්වය ගත්තේ ඔය ෆේස්බුක් වෙබ් සයිට්. අපි රජය විදියට ඒ තාවකාලික තහනම ඇති කළේ නැත්නම් සමහර විට අද වන විට මහනුවරින් එහාට රටටම පැතිරිලා ඒ භයානක තත්ත්වය. ඒ නිසා අපිට සිද්ධ වුණා තාවකාලිකව එය නවත්වගන්න. තාවකාලිකව ෆේස්බුක් තවත්වපු නිසා ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් ඇති වුණා වගේම ඒකෙන් වෙච්ච පාඩු අලාභත් අපි දන්නවා. මේකට කිසිසේත්ම අත තියන්න බෑ, මේක වහන්න බෑ කියලා තදින් කතා කෙරුවට අපි මේක සතියක් වැහුවට පස්සේ ලොකු ලොකු සමාගම් වල මහත්වරු ලංකාවට එනවා. ඒ කොම්පැණිවලට පාඩුවක් කියලා. ආදායම බැහැලා ගිහිල්ලා ඒ ගොල්ලන්ගේ. ඒත් රජයේ ආයතන වල ආදායම ඉහළ ගිහිල්ලා තියනවා ෆේස්බුක් වැහුවාට පස්සේ. ටෙලිකොම්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැනි ආයතන වල තිබුනට වඩා දවසේ ආදායම මිලියන 200 කින් වැඩි වෙලා තියනවා. අපි බැනුම් අහනවා. රට විනාශ වෙනවා. බරපතළ සිදුවීම් ඇති කරනවා. ඒ අතරේ රටේ ආදායම ඉහළ ගිහින්.”

“මේ සිද්ධි අතරේ තියන ජාතිවාදය පැතිරවීම, රටේ ජාතික ආරක්ෂාවට ඇති කරන තර්ජන, පුද්ගලයන්ට කරන අපහාස කිරීම වැනි දේ පිළිබඳව මම කිව්වා ඒ සමාගම් එක්ක සාකච්ඡා කරලා ඒවා නැති කරන, ඒවා ඉවත් කරන වැඩ පිළිවෙළක් හදන්න කියලා. නමුත් සමාජය විනාශ කරනවා නම් යම්කිසි පැත්තික් ඒ දේට තියෙන්න ඕන යම්කිසි පාලනයක්. ඒනිසා මම බලාපොරොත්තු වෙනවා රජය විදියට මේ තියන තත්ත්වය එක්ක රටට අලුත් වැඩ පිළිවෙළක් හදුන්වා දෙන්න. ඉදිරි සති කිහිපයක් තුළ.” ජනාධිපතිවරයා පවසා සිටියා.

Maithripala Sirisena