ඉස්සර පාරට බැස්ස සිවිල් සංවිධාන අද ලොවෙත් නෑ…!

0

වෙබ් අඩවියක් යන්තමින් හෝ අවහිර වන විටදි පාර බැස කෑගැසු අද රජයේ ඉහළ නිලතල හොබවන සිවිල් සංවිධාන සාමාජිකයන් පිළිබඳව ලැජ්ජාවට පවත් විය යුතු බව ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා පවසනවා.

ඊයේ (13) පාර්භෝගික අයිතින් සුරැකීමේ සංවිධානය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ රජයට පෙනුණා මුණුපොත තමයි දැඩිව අපිට අවාසියට බලපෑවේ කියලා. පාවෙන ඡන්ද ලක්ෂ 13 ක් අපෙන් නැතිවුණා. මේ ෆේස්බුක් එක නිසා ලක්ෂ 13 වැඩි ව්‍යාපාරිකයන් පිරිසක් අනාථ වෙලා. පාරට වැටිලා. මේ තත්ත්වයට පත් වෙනවා නම් මොකද්ද රටක් හැටියට කළ යුත්තේ. දැන් මේවා ගැන හොදට කතා කළානේ 2009 එහෙම මේ සිවිල් සංවිධාන. ඒවායේ හිටියානේ ප්‍රධානින්. ප්ඩ්ඩක් හරි වෙබ් එකක් වහන කොට පාරට බැහැලා කෑ ගහපු අය. ඒ ගොල්ලෝ රජයේ උසස් තැන් වලට අද ගිහිල්ලා නේ. ගිහිල්ලා කියනවා වාරණය හරි කියලා. ලැජ්ජායි, නින්දිතයි.” ඔහු මෙහිදි සඳහන් කර සිටියා.