බැටළු හම් පෙරවගෙන ආණ්ඩුව ඇතුළේම ඉන්න අය ජාතිවාදය අවුලුවනවා….වල් බූරු නිදහසක් දෙන්න බෑ

0

මහනුවර සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් ආණ්ඩුව තුළ සිටිනා බවට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සඳහන් කරනවා.

තොටලග එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ ඇති වුණ සිද්ධිය දේශපාලන පක්ෂ ප්‍රසිද්ධ මාතෘකාවක් කරගෙන අනවශ්‍ය විදියට භාවිත කරනවා කියලයි චෝදනාව?

“ඒ තත්ත්වය ඇතිවීමට මේ රජයේ නිලධාරින් වගකියන්න අවශ්‍යයි කියන එක මේ අවස්ථාවේ පසු විපරමකින් බලන්න ඕනේ. නිල වශයෙන් බලය දීලා තියෙද්දිත් ඇයි ඒවගේ ප්‍රශ්න වෙන්න ඉඩ දුන්නේ කියන ප්‍රශ්න අපි අසන්නට අවශ්‍යයි. පොලීසිය වැඩියෙන්ම ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ එතන් පෞද්ගලික ප්‍රශ්න තිබූ නිසා ඒක ව්‍යාප්ත වුණා කියන එක තමයි දැනුවත් වෙලා තියෙන්නේ. ආණ්ඩුවට අහිතකර තත්ත්වයක් ඇතිකරන විදියට තමයි කටයුතු කරගෙන යන්නේ. ආණ්ඩුව ඇතුළෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා බැටළු හම් පොරවගෙන ඉන්න කට්ටිය. ආණ්ඩුව ඍජුව ක්‍රියා කළයුතු අවස්ථාවේ සිටම නැවතුණා. ”

මහනුවර සිද්ධියට සම්බන්ධ අය ආණ්ඩුව ඇතුළෙම ඉන්නවා කියන එකද ඒකෙන් අදහස් කරන්නේ?

“අදාළ කට්ටියත් ඉන්නවා කියන එක තමා කිව්වේ. එක්කෙනෙක් දෙන්නෙක්. හැම පවුලකම කළු බැටළුවෙක් දෙන්නෙක් ඉන්නවානේ. ඒවගේ තමයි ආණ්ඩුව ඇතුළෙත්.”

සමාජ ජාල වෙබ් අඩවි නැවත යථා තත්ත්වයට පත්කර නෑ,නමුත් විවිධ අංශ කියන්නේ මෙහෙම පාලනයක් කරල පිළිතුරක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා?

“අද මේ වල් බූරූ නිදහසක් දීලා තියෙන්නේ. ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, මට කොයිතරම් දේවල් වෙලා තියෙනවද ? ඊට වඩා පව්කාරයෝ කොච්චර ඉන්නවද? අහන ප්‍රශ්නයේ කොටසක් හරි. නමුත් අපි කිව්වේ නෑ වල්බූරූ නිදහසක් දෙනවා කියලා.අපි යහපාලනය ගෙනාවේ මේකේ ක්ෂණික උත්තර ලබා ගන්න. චරිත ඝාතනය කරනවා නම් මොකද කරන්නේ? වෙබ් අඩවි පමණක් නෙවෙයි සාමාන්‍ය පත්තරත් අද කැලෑ පත්තර බවට පත් වෙලා. මේ වගේ අවස්ථාවක පැතිරුණා ඒක ගින්නක වගේ. නමුත් ඒ සමාජ ජාලා නැවතීමෙන් ඒක ඉබේම නැවතුණා. ඒකේ ප්‍රශ්නයක් තිබුණා කියල පේන්වානේ එතකොට. සම්පූර්ණයෙන් නවත්වන්න ඕනේ නෑ. නමුත් ඒක යම් පරිපාලනයක් යටතේ ගේන්න අවශ්‍යයි.”

Ravi Karunanayake