ජනතාව නොමඟ ඇරලා දැන් සයිටම් විකුණන්න හදනවා….!

0

රටේ සියළුම ජනතාව මුලා කරමින් ජනපතිගේ මැදිහත් වීම මත රජයට පවරා ගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල විකිණීමට මිල ගණන් කැඳවනු ලැබුවේ කාගේ අනුදැනුමක් පිට දැයි රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යය දෙමාපිය එකමුතුව ප්‍රශ්න කර සිටිනවා.

ඊයේ(14) කොළඹ පිහිටි මාධ්‍ය හමුවේදී එහි සාමජිකයින් මේ බව සඳහන් කළා.

විධායක කමිටු සභික අශෝක රන්වල,
“නෙවිල් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ව්‍යාපාරයක් විදියට තිබුණු නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවර ගන්නවා. රෝගී ජනතාව තවත් බලාපොරොත්තු ඇති කර ගත්තා නිදහස් සෞඛ්‍යය තුළින් ප්‍රතිකාර ලබා ගැනීමට තවත් රෝහලක් ලැබුණා කියලා. ඒ ගියාට පස්සේ ඔවුන්ට තේරුණා මේ රෝහලේ රජයේ මැදිහත් වීමක් වෙනවාද නැද්ද කියලා. මේකට මිලියන 3000කට වැඩි ප්‍රමාණයක් වාර්ශිකව වෙන් කරනවා. මේ වෙළඳ දැන්වීමෙන් කියන්නේ නෙවිල් ප්‍රනාන්දු මහතා ටෙන්ඩර් පටිපාටියට මේ රෝහල විකුණන්න මිල ගණන් කැඳවා තියෙනවා කියලා. මේ පවරා ගැනීමය මේ මිල ගණන් කැදවීමයි අතර කොතරම් පරස්පරතාවයක් තියෙනවාද? විකුණන්නේ කාටද? ඒකේ රජයේ මැදිහත්වීම කුමක්ද? රජය වියදම් කරපු සල්ලි දෙන්නේ කොහොමද? කැබිනට් එක හෝ පාර්ලිමේන්තුව තුළ මේ ගැන කිසිම සංවාදයක් නෑ. දේශපාලන වුවමනාවට පෞද්ගලික ආයතනයක් පවර ගැනීම කියලා ප්‍රකාශ කරලා, ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඒක උත්සවශ්‍රීයෙන් සමරලා, ජනතාව නොමග යවලා අවසානයේ ඒ ආයතනයම විකුණන්න කටයුතු කරනවා නම් අපිට් කියන්න් තියෙන්නේ කාගේ සරණක්ද් මේ අටේ රෝගී ජනතාවටත්, වෛද්‍ය අධ්‍යාපනය ලබන දරුවන්ටත් සමස්ත රටේ ජනතාවටත්.”

මාධ්‍ය සම්බන්ධීකාරක වසන්ත අල්විස්,
“සයිටම් අහෝසි කරන ගැසට් එක මේවන තුරු පළ කරලා නෑ. සයිටම් KDU දාන්න යනවා කියන කොටම අපිට් අපේ ළමයි පාලනය කරගන්න බැරි තත්ත්වයක් උදාවෙල තියෙන්නේ. රජය ඇත්තටම තේරුම් ගන්න ඕනේ අපිට හැමදාම අපේ ළමයි නවත්වගන්න බෑ. නුවර වුණා වගේ අන්තගාමී කණ්ඩායම් වලට මේ ළමයි පාවිච්චි කරන්න පුළුවන්. මෝඩ තීරණ ගන්න නිලධාරියකු අතින් අපේ ළමයෙකුට හානියක් වුණොත් මේ 88-89 භීෂණ කාලෙට යන්න නේද හදන්නේ? මම වගකීමෙන් කියනවා මේ සයිටම් එක තුළ සුදුසුකම් නැති ළමයි ආසන්නව 40ක් පමණ. මොවුන් උසස් පෙළ සමත් නෑ.එතකොට පිටරට වෛද්‍ය පීඨයකටවත් යන්න බැරි මේ ළමයි ටික කොහොමද අපේ රටේ පෞද්ගලික වෛද්‍ය පීඨයකට හරි ගියේ?”