BMW I8 ඉදිරියේ හතරට නැමුනු යහපාලන පොලිසිය

0

දැනට දින හතරකට පෙර තලවතුගොඩදි උදේ පානදර දියට පෙරලුණු මෝටර් රථය සම්බන්ධයෙන් ආණ්ඩුව හා පොලිසිය නැට්ටේ ඉදලා ගොම ගා ගනිමින් ඇදගෙන නෑමක් මේ දිනවල ප්‍රදර්ශනය කර ගනිමින් සිටි.

ඒ රථය ඔයට පෙරලු පුද්ගලයා කවුරු වූවත් ඒ පිළිබඳව ඇති සත්‍ය තොරතුරු වසන් කිරීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුව සතු වන බව පැහැදිළිය. නමුත් මෙහි ඇති දුක්ඛිතම කොටස වන්නේ වැසිය යුතු කරුණක් හෝ නිසි පරිදි වසා ගැනීමට නොහැකි තරම් දේශපාලන ඥාණය සහිතඅඳ බාලයන් සිටීමයි. ඉතින් රටක් පාලනය ගැන කවර කතා ද?

මෙම මෝටර් රථය පැදවූයේ ජනාධිපතිවරයාගේ සමිපතමයෙකු බවත් එය එම ඔය ආසන්නයේ ඇති සමාජ ශාලාවක් උදෑසන 6 ට පමණ පිටත්ව ඇති බවත් සමහර වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ජාලා වාර්තා කළ අතරම රථය පැදවූයේ කබීර් හෂිම් අමාත්‍යවරයාගේ ලඟම ඥාතියෙක් බවට තවත් සමාජ මාධ්‍ය ජාලා වාර්තා කරනු ලැබීය. කෙසේවෙතත් ලියාපදිංචි කිරීමට පෙර යොදන රතු පැහැති ගරාජ් අංකයෙන් යුත් අලුත්ම BMW I8 රථය මඩේ එරී තිබුණි.

එම රථය පැදවූයේ දහම් සිරිසේන වුවත්, කබීර් හෂිම් අමාත්‍යවරයාගේ නෑයා වූවත් එම රථය unregistered රථයක් බව ඉතා පැහැදිලිය. ඒ අනුව එම වාහනය තවමත් අයිතිය ඇත්තේ එය ගෙන්විමට ක්‍රියාකල සමාගමට වන අතර එම මෝටර් රථයේ පැහැදිලිව පෙනුනු ගරාජ් අංකය වූයේ C18-3182 ය.

මෝටර් රථ සම්බන්ධ ලංකාවේ පවතින නීතිය අනුව සමාන්‍යයෙන් රතු පැහැති අංක සහිත වාහන භාවිතා කරනු ලබන්නේ වාහනයක් ලංකාවට ගෙන්වනු ලබන සමාගම් පමණක් වන අතර එය උදැසන 9 ත් සවස 5ත් අතර ඉතා සීමිත ප්‍රදේශයක් පමණක් පැදවිමට වලංගු වන අතර ඒ සදහා running Chart එකක් පවත්වාගෙන යෑම අනිවාර්යයෙන් සිදුවිය යුතු වේ.

තත්ත්වය මෙසේ වෙද්දි මෙම මෝටර් රථය ආණ්ඩුව හෝ ජනාධිපතිවරයාට සම්බන්ධ පුද්ගලයෙකු විසින් පැදවූ රථයක් නොවන බවට තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ (19) හා අද (20) මාධ්‍ය ප්‍රකාශ දෙකක් නිකුත් කරනු ලැබුණි. එම මාධ්‍ය නිවේදන දුටු විට මට නම් මාගේ බාලාංශය සිහිපත් විය. මන්ද යත් එම නිවේදන දෙක පරික්ෂා කර දෙකේ වෙනස් සෙවීමට හැකියාව තිබීමයි.

පළවෙනි වෙනස වන්නේ දියෙන් ගොඩ ගන්නා රථයේ අංකය C18-3182 පැහැදිළිව සඳහන් වෙද්දි මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මාධ්‍ය නිවේදනයේ එම රථයේ අංකය වන්නේ CBB-5005 යන්නයි. එසේම දෙවැනි වෙනස්කම වන්නේ ඊයේ මාධ්‍ය නිවේදනයේ රථයේ අයිතිකරු ෆාහීම් මොහොමඩ් හුසේන් වන අතරම ඔහු අංක 85, සිගේරා පාර, මාදිවෙල වුවත් අද නිකුත් කරනු ලබන නිවේදනයේ සඳහන් වන්නේ අංක 22, ඔස්ටින් පෙදෙස, කොළඹ 08 ප්‍රදේශයේ පෂීල් මොහොමඩ් හුසේන් බවයි. එක රැයකට නම ගම වෙනස් වන සැකකරුවන් නිර්මාණය කරන නීතිය නවන පොලිසිය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කෙතරම් අසාධාරණකම් කරනු ඇත්ද? එසේම පොලිසිය මෙම නිවේදනය නිකුත් කරන්නේ ජනතාව අතර සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු සමාජ ගත වන බව පවසමිනි. එය එසේනම් අනතුරට ක්වූ වාහනයේ අංකය එහි අයිතිකරු පිළිබඳව හරියට තොරතු පවා ඉදිරිපත් කිරීමට නොහැකි පොලිසිය සමාජ ගත කරන්නේ කුමක්දැයි ඇසිය යුතුමය.

එසේම මෝටර් රථයේ හිිමිකරු සම්බන්ධව පොලීසිය ඊයේ සහ අද නිකුත් කළ නිවේදනවලද පරස්පරතා දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් මෝටර් රථයේ ලියාපදිංචි හිමිකරුම රථය පදවන CCTV දර්ශන ඇති බව පවසන පොලිසිය එම CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කරමින් තම ප්‍රකාශයේ නිවැරැදි බව සමාජ ගත නොකරන්නේ මන්ද? එසේම මෝටර් රථය පැදවූයේ තාම් යැයි පවසමින් පුද්ගලයෙක් තලංගම පොලිසිය වෙත බාර වී ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඔහු ෆාහීම් මොහොමඩ් හුසේන්ද, නැත්නම් පෂීල් මොහොමඩ් හුසේන් ද? මේ නීතියේ ස්වාධීනත්වය හා නිවැරැදි බව රටට අවශ්‍ය මොහොතයි.

මෙම මෝටර් රථය වෙනුවෙන් යෙදවූයේ කළු සල්ලි වුවත්, සුදු සල්ලි වුවත් මේ රටේ පරිප්පු ඇටයෙන්, සීනි ඇටයෙන් බදු ගෙවන දුක් විදින ජනතාවගේ බදු මුදලින් යැපෙන දේශපාලකයින් එම රථය ගෙන්වා ඇත. ඔවුනට රෑ එළිවන තුරු සමාජ ශාලාවල ජෝගි නටන්නට හා මත්පැන් වල රැස් පෙන්වීමට කරන අශ්ව කුලප්පු රිය පැදවීම වියදම් කිරීමට එම මිනිස්සු බැඳී නැති බවත් මතක් කිරීමට කැමැත්තෙමු. මේ සියළු දේට වන්දි ගෙවන දවසක් ලඟ එනු ඇති. එදාට කුම්බලා මාලු කෑ බළලා සේ විදවීමට දේශපාලකයින්ට සිදු වනු ඇති.