හොරු එක්ක ඩීල් දැම්මා…මිනිමරුවෝ රාජතාන්ත්‍රික සාකච්ඡා වලට ගෙනිච්චා…ආණ්ඩුවේ විශ්වාසභංග වෙන්න ඔය ටික ඇති…!

2

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේ පළවෙනි චෝදනාව වන්නේ හොරු ඇල්ලීමට කටයුතු නොකිරීම සහ හොරුත් එක්ක ඩීල් කිරීම බවත් මේ රටේ ජනතාව හරහා විශ්වාසභංගය තහවුරු කිරීමට එම කරුණ පමණක් ප්‍රමාණවත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසා සිටිනවා.

ඊයේ (20) පාර්ලිමේන්තුවේ දි අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“අපි වැරදි කරලා තියනවා නම් ඔප්පු කරලා පෙන්නන්න. එහෙම කිව්ව අය තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ හොරු අල්ලන්න එපා කියන්න. පහුගිය අවුරුදු තුන ඇතුලේ මේ රටේ හොරු අල්ලන්නට නොහැකි වීම මේ ආණ්ඩුවේ විශ්වාසයභංග වෙන පළවෙනි අවස්ථාව. ඒවා දේශපාලන ඩීල් වලින් යට ගැහුවා. අපි දැක්කා ජනාධිපතිතුමා එක්ක ජපානයේ ගිය කට්ටිය. මේ පහුගිය කාලේ චෝදනා තිබිච්ච මිනිමරුවෝ. බැසිල් රාජපක්ෂලා එක්ක එකට හොරකම් කරපු කම්බ හොරු. ඒ හොරුන්ව ගෙනිහිල්ලා තමයි ජපානයේ දි එකට වාඩිකරලා රාජ තාන්ත්‍රික සම්බන්ධතා පවත්වන්නේ. ඒනිසා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේ පළවෙනි චෝදනාව තමයි හොරුන් එක්ක ඩීල් දාපු එක. ඒ කරුණම ප්‍රමාණවත් ඒ විශ්වාසභංගය මේ රටේ ජනතාව හරහා තහවුරු කරන්න. විශේෂ අධිකරණ පිහිටුවීම කඩිනම් කළ යුතුයි. ඒ අධිකරණයේ ඉස්සල්ලාම මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව එන නඩුව විභාග කරලා පෙන්නන්න.” මන්ත්‍රිවරයා සඳහන් කළා.

2 COMMENTS

  1. My programmer is trying to convince me to move to .net from PHP.

    I have always disliked the idea because of the costs.
    But he’s tryiong none the less. I’ve been using Movable-type on a number
    of websites for about a year and am nervous about switching to another platform.
    I have heard very good things about blogengine.net. Is there a
    way I can import all my wordpress content into it? Any kind of help would be greatly appreciated! http://cityofclarksville.com/redirect.aspx?url=http://jetprox.net

Comments are closed.