බලය අත අරින්නේ උවමනාවෙන්, එදා කබරයා අද තලගොයා වෙලා..නායකයෝ දෙන්නාම එකයි…, ලැජ්ජායි

0

ආණ්ඩුවේ නායකයින් දෙදෙනා සම්බන්ධයෙන් තමා කලකිරීමට පත් වන බවත්, මීගමෞව මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට අහිමි වූයේ කළු සල්ලි හේතුවෙන් බවත් මීගමුව නගර සභා මන්ත්‍රි රොයිස් ප්‍රනාන්දු පවසා සිටිනවා.

ඊයේ (24) මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“ඊයේ නගරාධිපති තෝරන ඡන්දයේදි මගේ කණ්ඩායම විසින් නම් කරපු මාව පත් කර ගන්න බැරි වුණා. මොකද්ද මේ සිද්ධ වුණ දේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 6 දෙනාගෙන් ලලෛත් ඩෙන්සිල් පිත් එක්ක හිටියා. අනිත් 5 දෙනාම කළු සල්ලිවලින් මුදලට ගත්තා. ඒක අපි වගකීමෙන් කියනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්ටත් සල්ලි දෙනවා කියලා නිමල් ලන්සා කතා කරපු කෝල් පටිගත කරපුවා අපි ගාව තියනවා. වෙලාවක අපි ඉදිරිපත් කරන්නම්. මේ ගොල්ලන්ගේ පත් කිරීම විකෘති පත් කිරීමක්, සැබෑ පත් කිරීමක් නෙමෙයි සැබෑ ජනමතය අනුව නගරාධිපතිවරයා මමයි කියලා මම නිර්භයව කියනවා.”

“මම ජනාධිපතිතුමා ලගට ගියා මම කිව්වා සර් මේ 31000කින් දිනෙව්වා සර්ගේ ජනාධිපතිවරණයේ. සර් අද ජනාධිපති පුටුවේ ඉන්නේ මීගමුව ආසනය නිසා. ඒනිසා සර්ගේ 6 දෙනාව දෙන්න මගේ 19 යි 25යි මේ අවුරුදු හතරේ මේ වැඩපිළිවෙළ ගෙනියන්නම්. ඒත් ලේකම්වරුන්ට අණ කරපු දේ ඉෂ්ට වුණේ නෑ. මට තේරෙන විදියට මේ පළාත් පාලන ආයතන වල බලය ස්ව කැමැත්තෙන් ගිලිහි යන්න දෙනවා කියලා. මම දන්නේ නෑ ඇයි එහෙම වෙන්නේ කියලා. ඇයි මේ නායකයෝ මෙහෙම කරන්න? මේවට නායකයෝ උත්තර දෙන්න ඕන ලැජ්ජායි.”

“නිමල්ලන්සාලා මහින්දව දිනවන්න හදන වෙලාවේ අපි ජීවිත පරිත්‍යාගයෙන් දිවි පරදුවට තියලා මේ පෙරලිය කළා. එදා කබරයා වෙච්ච නිමල් ලන්සාව අද තලගොයා කර ගත්තා මේ නායකයෝ දෙන්නා. එතනදි පොඩි කළකිරීමල් තියනවා නායකයෝ දෙන්නා සම්බන්ධයෙන්ම.”