මේ system එක change කරන්න හොඳම කාලයයි……!

0

පහුගිය දවස් ටිකේම රටේ ජනතාවට තම ජීවන අරගලය, පෞද්ගලික ප්‍රශ්න, දේශපාලන වාතාවරණය යන මේ සියළුම කරුණු වලට අමතරව දැවෙන ප්‍රශ්නයක් ලෙස පැවතියේ කූඹියෝට මොකද වෙන්නේ? ජනප්‍රියම නාට්‍ය, ජනප්‍රියම නළුවා, නිළිය සම්මාන කාට හිමි වේද යන්නයි. ඊයේ රාත්‍රියේ ඒ පෙලූ අතිශය කුතුහලය නිමාවට පත් වුයේ රටේ ජනතාවගේ වැඩිම මනාපය ලබා ගනිමින් 2018 රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නාට්‍යය කූඹියෝ බවට හා ජනප්‍රියම නළුවා තුමිදු දොඩැන්තැන්න බවට පත් කරමිනි.

ඒ පිළිබඳව අපට ඇත්තේ ඉමහත් සතුටකි. එය එසේ වන්නේ ITNඑකට කඩේ යන නිසාවෙන් නොවන අතරම අපේ රටේ ජනතාවගේ රසවින්දනය කාලකන්නි කරමින් ව්‍යසනයක් ලෙස පැතිර යමින් තිබූ අර්ථ ශූන්‍ය වාණිජ මෙගා ටෙලි නාට්‍ය රැල්ල අතික්‍රමණය කිරීමට කූඹියෝ සමත් වූ බැවින් කූඹියන්ට කඩේ යන නිසාවෙනි.

රටක් නිරන්තරයෙන් ගමන කරන මාර්ගය එය දේශපාලන හෝ වේවා, ආර්ථික හෝ වේවා, කලාව හෝ වේවා වෙනස් කිරීම ඉතා බෑරෑරුම් මෙන්ම ධෛර්යය සම්පන්නව කළ යුතු කාරණයකි. පවතින තත්ත්වය සැබවින්ම වෙනස් කිරීමට යමක් හෝ පිරිසක් සමත් වූයේ නම් සැබැවින්ම ඔහු හෝ ඔවුන් වැඩ්ඩෙකි. ඒ අතින් බලන විට මෙගා නාට්‍ය බූවල්ලාගෙන් මිදි වෙනස් මගක ගමන් කළ කූඹියෝ වැඩ්ඩෙක් වන අතරම ඔහුගේ ගමන අතිශය සාර්ථකව අවසන් කිරීම තුළ පෙනෙන්නේ එම වෙනස ආවාට ගියාට සිදු නොවූවක් බවයි.

අපේ රටේ දැනට පවතින රූපවාහිනි නාලිකා වල විකාශනය වන ටෙලි නාට්‍ය සලකා බැලීමේදි 50%කට අධික ප්‍රමාණයක් ඉන්දියානූ ටෙලි නාට්‍ය වේ. එම නාට්‍ය සුපුරුදු ලෙසම පටන් ගත් දවසේ සිට ප්‍රශ්න, එක ගෙයි ඉදගෙන අනිකාට අංචි අදින කුමන්ත්‍රණ, තරහව ඊර්ෂ්‍යාව වනි සංකල්ප වලින් පිරි ගොස් ඇති අතරම එම අඩි පාරේම යමින් ඉතිරි සියයට ගණනක් වූ ලංකාවේ මෙගා නාට්‍ය රැල්ලද රටේ ජනතවට ගෙන ආවේ ප්‍රශ්න පමණකි. උදාහරණයක් ලෙස පැය ගාගේ නාට්‍ය තුළ ඇත්තේ එකම රූපරාමු පෙළක් වන අතරම මුළු නාට්‍යයටම ඇත්තේ දර්ශන තල කිහිපයකි. කූඹියෝහි ප්‍රබල තරගකරුවා වූ දෙවනි ඉනිම නාට්‍ය තුළින් මෙම සැසදීම සිදු කළහොත් එහි පෙන්වන්නේ කුමක්ද? එකම තාත්තාගේ දරුවන් වූ දෙදෙනා මවිවරුන්ගේ පවතින විරසකය හේතුවෙන් මරා ගැනීම, එකම කෙල්ලට ආදරය කිරීම, ක්‍රිකට් ගැසීම පමණකි. මේට අමතරව එකක් ඉවර වන්නට එකක් වශයෙන් නිර්මාණය වන අර්බුද තුළින් නාට්‍ය ඉදිරි ගමන සකස් කොට ගෙන ඇත. සමහර දින වලට පැය භාගය තුළ සිදු වූ එකදු විශේෂ සිදුවීමක් හෝ නොවේ. අතාර්ථික ජීවන අරගලයක් සමහර තැන් වල දකින්නට ඇති අතරම මේ හේතුව නිසා ඔබ යම් ලෙසකින් එම නාට්‍ය මාසයක් නැරඹීම අතපසු කොට නැවත මාසයකින් පමණ නරඹා බලන්න ඔබට පසුගිය මාසය පුරාවට එම නාට්‍ය පුරාවටම සිදු වූ සිදුවීම් පෙළ පළමු විනාඩි පහ තුළ ඉතාම පහසුවෙන් අන්තර්ග්‍රහණය කර  ගැනීමට හැකිවේ. මෙය දෙවනි ඉනිමට පමණක් නොව අනෙකුත් නාලිකා වල විකාශනය වන ඉන්දියානු හා දේශිය සියළුම මෙගා නාට්‍ය වලට හිමි ධර්මතාවයයි.

රටක කලාව යනු එතරම් සුළුවෙන් සැළකිය යුතු දෙයක් ද? කලාව යනු රටක විඥානය සහමුලින්ම උඩු යටිකුරු කිරීමට සමත් වන්නෙකි. 1917 රුසියානු විප්ලවයේ මතවාදිමය වෙනස සිදුවුයේ මැක්සිම් ගෝර්කි, පුෂ්කින් වැනි කතුවරුන්ගේ පෑනෙන් බවත් ප්‍රංශ විප්ලවයේ මතවාදි වෙනසට කර දුන්නේ මැකියාවේලි ඇතුළු දේශපාලන මතවාදින් බවත් ඉතිහාසය තුළින් අපි කියවා අඇත්තෙමු. ඒ ආකාරයෙන්ම ලංකාවේ නිදහස් අරගලයේ ද ටිබෙට් ජාතික එස් මහින්ද හිමි, කුමාරතුංග මුනිදාස, රැයිපියල් තෙන්නකෝන් වනි ගත් කතුවරුන් කළ සේවය අතිමත්ය. එම අර්ථයෙන් ගත් කළ රටක කලාකරුවාට පැවරෙන වගකීම සුළු පටු නොවේ. නූපන් දරුවාගෙ සිට මනස පෝෂණය කරමින් අනාගතයේදි නිවැරැදි මගට රට ගෙනයාමට අවශ්‍ය පදනම සකස් කිරීම ඔවුන්ගේ වගකීම වනු ඇත. ඇත්තටම ලංකාවේ කලාවෙන් එය සිදු වනවාද? රැල්ලට දුවමින් සියල්ලන් අතරමින් හොදම ජනප්‍රියම, ප්‍රමුඛ නාලිකාව බවට පත් වීමේ උණෙන් පෙළන මාධ්‍ය නාලිකා ඕනෑම කුණු ගොඩක්, ජහජරාවක් තම වාසිය වෙනුවෙන් සමජ ගත කිරීම කරන්නේ එම වැඩ සටහන හෝ නාට්‍ය මගින් රටේ ජනතාවට, දරුවන්ට, සමස්ත සමාජයට සිදුවන බලපේම පිළිබඳව අල්ප මාත්‍රයක හෝ සැළකිල්ලකින් තොරවය. අද පෙන්වන ළමා කාටුන් වැඩ සටහනේ භාවිත වන භාෂාවේ සිය ළමා නාට්‍ය ලෙසට අර්ථකථනය කරන සිදූ, දෝණි, දුවන ළමයා,හඳයා, අලි මල්ලියි මමයි ආදි මෙගා නාට්‍යවල පවා අන්තර්ගතය වන්නේ එයයි.

ලංකා නිවුස් ඇලර්ට් අපි හැම විටම උත්සහ කරනු ලබන්නේ සමාජයට අහිතකර සිස්ටම් එක වෙනස් කිරීමටය. එසේනම් දැන් එම සිසිටම් එක වෙනස් කිරීම වෙනස් කිරීමට කාලය එළඹීමට ඇත. රූපවාහිනි නාලිකා ලබා දෙන දේ නැරඹීමට නොව ජනතාවට සමාජයට අවශ්‍ය දේශපාලන විකාශය කිරීමට රූපවාහිනි නාලිකා පරිවර්තනය කිරීමේ සිස්ටම් වෙනසක් ආරම්භ කළ යුතුය. එයට බලය ඇත්තේ ද ජනතාව තුළය. මන්දයත් එවන් ටෙලි නාට්‍ය හා වැඩසටහන් කලාවක් මුල සිටම නිර්මාණය කිරීම ආරම්භ කළ යුතු වේ. අතාර්ථික පිටපත් සහිත රැල්ලට දුවන ටෙලි නාට්‍ය ප්‍රතිකේෂ්ප කළ යුතුය. එවන් නිර්මාණ වලට දායක නොවන ලෙස රංගන ශිල්පීන්ට බල කළ යුතුය. එම නාට්‍ය සඳහා අනුග්‍රහය දක්වන වෙළඳ දැන්වීම් ප්‍රතිකේෂ්ප කළ යුතුයි. එම නාලිකා ප්‍රතිකාර කළ යුතුයි. මෙය අමාරුයි අපි එය දනිමු . මුලදි ජීවිතේට සාර්ථක නොවන බව හැගී නොයනු ඇත අසාර්ථක වනු ඇත. නමුත් එය ගණන් නොගෙන සිසිටම් එක වෙනස් කිරීමේ අඛණ්ඩ උණෙන් පෙළෙමින් වැඩ කටයුතු කිරීම මගින් එය පහසු වනු ඇත. මතක තබා ගත යුත්තේ එක දෙයයි. කවුරුන් කෙසේ පම්පෝරි ගැහුවද සියළුම මාධ්‍ය ආයතන වල දුර්වලතාව වන්නේ ප්‍රේක්ෂකයා වන අතර එය එම ආයතනයේ ශක්තියද වනු ඇත. ප්‍රේක්ෂකයා වන අපි හරවත් දේ ඉල්ලමින් පහර දිය යුත්තේ එම දුර්වලතාවයටයි. එය කිරීමට ශක්තිය ඔබ අප හැම කෙනා තුළම තිබේ. අවශ්‍ය වන්නේ එය ඉස්මතු කර ගැනීම පමණි.

අවසාන වශයෙන් මොට නොවු රසවින්දනයක් තවමත් ජනතාව තුළ ඇති බව වටහා ගනිම්න් එම විඥානය උද්දීපනය කළ කූබියෝට ප්‍රණාමය පල කරන අතරම එවැනි තවත් නිර්මාණ බිහි කිරීමට සියලුම පාර්ශවයන්ට සිත් පහළ වේවා යැයි ප්‍රර්ථානය කර සිටින්නෙමු.

කතෘ

ලංකා නිවුස් ඇලර්ට්