විශ්වාසභංගයට අත්සන් කළා නම් ඇමතිධූරවලින් ඉවත් වෙන්න….!

0

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවවට අත්සන් කළ අමාත්‍යවරු කොන්ද පන තියන සදාචාරමත් ලෙස තමධූර වලින් ඉවත් විය යුතු බව ස්වදේශ කටයුතු නියෝජ්‍යඅමාත්‍ය ජේ සී අලවතුල සඳහන් කරනවා.

ඊයේ (24) ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන්කළා .

“මේ වන විටත් 90කට වැඩි පිරිසජක් විශ්වාසය පල කරලා අත්සන් කරලා තියනවා. අපේ මන්ත්‍රිවරුන් සියළු දෙනාම. ඊට අමතරව තවත් පක්ෂ ගණනාවක් එතුමාට විශ්වාසය පල කරලා අත්සන් කරලා තියනවා. මේක අගමැතිතුමාට විතරක් නෙමෙයි රජය එරෙහිව ඇවිල්ලා තියන විශ්වාසභංගයක්. රජයේ ඇමතිවරු හැටියට ඉදිමින් විශ්වාසභංගයට අත්සන් කරලා තියනවා කියලා තියෙනවා. ඒක දැන් මාධ්‍ය වලින් එලි දැක්විලා තියෙනවා. ඉතින් අමාත්‍යවරු කොන්ද පණ තියෙන විදියට රජයට විරුද්ධව විශ්වාසභංගයකට අත්සන් කරනවා නම් මම හිතන්නේ ඒක සදාචාරාත්මක නැහැ කියලා තමයි කියන්න වෙන්නේ.” නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.