රනිල්ගේ අනාගතය ගැන කොන්ග්‍රසයේ සහ ශ්‍රිලනිප තීන්දුව 2 දා… TNA බාගෙට බාගේ…

0

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දෙනවාද? නැද්ද යන්න ලබන 2 දා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වී අවසන් තීරණයකට එළැඹෙන බව එහි මහ ‍ලේකම් නිශාම් කාරියප්පර් පවසනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය එක්සත් ජාතික පෙරමුණේ සන්ධානගත පක්ෂයක් බැවින් මේ වන විට විශ්වාසභංග යෝජනාවට පක්ෂ විය නොහැකිය යන්න ස්ථාවරයක සිටින නමුත් එහි අවසන් තීරණය පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී තීරණය කරන බවයි මහ ‍ලේකම්වරයා සදහන් කර ඇත්තේ.

පසුගියදා මුස්ලිම් ජනතාවට එල්ල වූ හිරිහැර හේතුවෙන් ආණ්ඩුව සම්බන්ධයෙන් ඇතිවූ අප්‍රසාදය නිසා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව එහි උත්තරීතර මණ්ඩලයේ බහුතරයකගේ අදහස වී තිබු අතර මේ වනවිට ඒ පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නෙ.

අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව කතානායකවරයාට භාර දී තිඛෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් තියුණු සටනක් මේ වනවිට නිර්මාණය වි ඇති අතර විශ්වාස භංග යෝජනාව භාර දීමත් සමඟ එක්සත් ජාතික පෙරමුණ සහ රනිල් වික්‍රමසිංහ තුළ පවා කැළඹීමක් ඇති වී තිබේ.ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරු පනස් දෙකක්ද ආණ්ඩුවේ කටයුතු කරන ශ්‍රී ලනිප පිරිස හතලිස් පහක්ද වන අතර එක්සත් ජාතික පක්ෂයට මැති ඇමතිවරු එකසිය හයක් සිටින අතර දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු සංඛ්‍යාව දහසයක්ද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනෙක්ද සිටින අතර ඔවුන්ගේ ස්ථාවරය ඡන්ද විමසීමේදී තීරණාත්මක වී තිබේ.

ජවිපෙ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත. නමුත් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය තවමත් ප්‍රකාශ කර නැත.

මේ අතර ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ගෙන් හය දෙනකු හැර අනෙක් සියලු දෙනා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක අද මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියා.

විශ්වාසභංග යෝජනාවට තමා දැනටමත් අත්සන් තබා ඇති අමාත්‍ය ටී.බී.ඒකනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අප්‍රේල් 02 වැනිදා පැවැත්වෙන බවත් එහිදී මේ පිළිබඳව අවසන් තීරණය ගන්නා බවත් සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here