විශ්වාසභංගයට සහය දුන්නොත් පක්ෂයෙන් එලවනවා…..එජාපයෙන් දැඩි තීන්දුවක්!

0

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට එරෙහිව සහය පළ කිරීම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලයේ සියලුම මැති ඇමතිවරුන් තීරණය කළ බව එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

අද (29) උදෑසන පැවති කෘත්‍යාධිකාර මණ්ඩලයේ රැස්වීමෙන අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“කෘත්‍යාධිකාර මණ්ඩලයේ සියළු දෙනා විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ඒකමතිකව තීරණය කළා. මේ පිළිබඳව විවිධ විරුද්ධ මත දරපු අය පවා මේකට විරුද්ධව සහයෝගය ලබා දෙන්න කතා කළා. කිසිම විරෝධතාවයකින් තොරව. අවුරුද්දට පෙර දැවැන්ත ප්‍රතිසංවිධානයක් කරන්නත් අද තීරණය කළා.”

පාලිත රංගේ බණ්ඩාර ඇමතිතුමා මොහෙදි මොනවාද කිව්වේ?

“එතුමාත් පැහැදිළිවම විශ්වාසභංගයට එරෙහිව සහයෝගය දෙනවා කියලා අනුමත කළා. ප්‍රතිසංවිධානය පිළිබඳව එතුමාගේ මතය තිබුණා 4 පෙර කරන්න පුළුවන් නම් හොදයි කියලා.”

පක්ෂව ඡන්දය දුන්නොත් විනය ක්‍රියාමාර්ග ගන්නවා කිව්වාද?

“ඔවුන්ව පක්ෂයෙන් නෙරපීමට විඅනය ක්‍රියාමාර්ග ගන්නවා.”

එක්සත් ජාතික පෙරමුණෙන් කියනවා අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා යෝජනා කළා කියලා?

“එහෙම පැහැදිලි ඉල්ලීමක් කරලා නෑ. එක්සත් ජාතික පෙරමුණෙත් යම් යම් මත තියනවා. ඒත් විශ්වාසභංගයට එරෙහිව ඡන්දය දෙන්න තීරණය කරලා ඉවරයි.”

පක්ෂ නායකත්වයේ වෙනසක් වෙනවාද?

“නෑ එහෙම බලාපොරොත්තුවක් නෑ”