අනුන්ගේ ෆුට්බෝඩ් එකේ එල්ලිලා ගිහින් බලය ගත්තේ UNP නායකයාට දිනන්න බැරි නිසා……දැන් හරි කොන්ද පණ තියනවා නම් ලොකු දෙයක්

0

විශ්වාසභංගය හේතුවෙන් ජනාධිපතිධූරයට කිසිදු බලපෑමක් ඇති නොවන බව අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසනවා.

ඊයේ (29) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“වජිර අබේවර්ධන මහතා කිව්වා ජනාධිපතිධූරය පවා අහෝසි වෙනවාලු මේ විශ්වාසභංගය නිසා. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා බලනකොට 48 (1) ව්‍යවස්ථාව යටතේ අගමැතිධූරය සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත් විට කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා. එහි ජනාධිපතිධූරයට කිසිදු බලපෑමක් වන බවට සඳහන් වන්නේ නෑ. නීතිය හරියට වටහා නොගෙන එවන් ප්‍රකාශ සිදු කිරීම ගැන මම කණගාටු වෙනවා.”

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් කියන්නේ ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා කියලා?

“ජනාධිපතිතුමාට එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපි ලෑස්තියි.”

පක්ෂයේ සහයෝගය නැතුව විශ්වාසභංගය දිනන්න පුළුවන් කියලා අදහසක් තියනවද?

“ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිකණ්ඩායම සාමුහික වගකීමක් ඇතුලේ එක තීන්දුවකට එන බව මම වගකීමකින් ප්‍රකාශ කරනවා.”

සුජීව සේනසිංහ අමාත්‍යවරයා කිව්වා පොදු අපේක්ෂකයෙකුට එජාපය නැවත සහා දෙන්නේ නෑ කියලා?

“මෛත්‍රිපාල සිරිසේනව පොදු අපේක්ෂයා කළේ ආදරේට නෙමෙයිනේ. තමන්ගේ දේශපාලන පක්ෂයේ නායකයාව දිනවන්න පුළුවන් නම් පිට ඉනිහෙක් ගේනවද? දන්නවා මට බැරි නිසා වෙනකෙනෙකුගේ හරි ෆුට් බෝඩ් එකට නැගලා ඒ තනතුර ලබා ගෙන අපටත් යම් බලයක් ලැබෙයි කියලා. එකනේ වුණේ. කලින් වතාවේ ෆොන්සේකා මහත්තයාව දාලා කෙල ගත්තා. මේ පාර කෙලවුණේ නැත්තේ ඒ ඡන්දය සභාපති හා ලේකම් අතර තිබුණ ඡන්දයක් නිසා. කවුරු දින්නත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ. ජනාධිපතිධූරයට දාලා දිනන්න කොන්ද පනක් තියනවා නම් ඒක හොඳ දෙයක්.”

Faiszer Musthapha