තමන්ගේ ආසනයවත් දිනන්න බැරි අය පක්ෂයේ නායකයා වෙන්න කතා කරනවා….!

0

තම ආසනයවත් පක්ෂය වෙනුවෙන් දිනා ගැනීමට නොහැකි පුද්ගලයින් තමන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසු බවට සිතා ගනිමින් කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක සඳහන් කරනවා.

අද (30) කොළඹ පැවති ආගමික උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“ඊයේ කෘත්‍යාධිකාර මණ්ඩලය ගත්ත තීරණය අපි අගය කරනවා විතරක් නෙමෙයි සියළු වැරදි නිවැරදි කරලයි තියෙන්නේ.”

නායකත්වය සම්බන්ධයෙන් යම් ස්ථාවරයක් තියනවා ද

“ඒ ගැන අපි සාකච්ඡා කරනවා. පක්ෂ අභ්‍යන්තර ක්‍රියාමාර්ගයක් ලෙසට අපි සාකච්ඡා කරනවා. අපි ඒක පක්ෂයක් විදියට පක්ෂ අභ්‍යන්තරයේ කටයුතු කරනවා. එකට එකතුවෙලා ජයග්‍රහණය කරන වැඩ පිළිවෙළක් අපි ගේනවා. එළියට ඇවිල්ලා බෙදිලා වැඩ කරන කටයුතු නෙමෙයි. එකට ඇතුලේ ඒක ජයග්‍රහණය කරන එක තමයි අපිට තියන ශක්තිය ඒක අපි ජයග්‍රහණය කරනවා.”

ඇතැම් ඇමතිවරු පක්ෂයේ නායකත්වය ගැන තීරණය ගන්නවා කියලා කියනවා?

“අපෙත් ඉන්නවා කයිවාරුකාරයෝ. තමන්ගේ ආසනය වත් දිනා ගන්න බැරි අය මහ ලොකුවට තර්ජනය කරලා කතා කරනවා. ඕක තමයි එක්සත් ජාතික පක්ෂයට වුණේ. ප්‍රශ්න කරලා බෙදලා, ඒ අය හිතනවා ඒ අය නායකත්වයට සුදුසුයි කියලා. ජනතාවත් එක්ක කටයුතු කරලා රටට අවශ්‍ය අය තමයි දැන් අවශ්‍යවෙන්නේ. ඊර්ෂ්‍යාවෙන් පෙළෙන ප්‍රශ්න වලට නිවැරැදි පිළිතුරු හොයලා ගේන්න ඕන.

ජනාධිපතිතුමා විසින් මහ බැංකුව මුදල් අමාත්‍යවරයාට දීලා තියෙනවා රටේ ආර්ථිකයේ වෙනසක් වෙන්න ඕන කියලා?

“කවදාවත් මගේ යටතේ තිබ්බේ නෑනේ. ඉතින් වෙනසක් නෑ මට. අඩුම තරමේ දැන් මිනිස්සු දන්නවා දැන් කොහේද ඒවා තිබ්බේ කියලා. දක්ෂයන්ට අවස්ථාව දීලා ඒ දක්ෂකමෙන් වැඩ ගන්න ඕන. මහ බැංකුවේ සමහර වෙලාවට මේ පොළොවේ පය ගහන්නේ නැති අය තමයි තීරණ ගන්නේ. ඒවත් නිවැරදි වෙන්න ඕන.

Ravi Karunanayake

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here