2020, 2025 ආර්ථික බලය ලංකාවට ගන්න දැන්ම රටේ පාලනය පීල්ලට ගන්න ඕන…..!

0

ආණ්ඩුව ගන්නා සමහර ක්‍රියාමාර්ගයන් නිසා රටේ ස්වාධිපත්‍යයට හානි වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරනවා.

වියත් මග සංවාද කවයේ හමුවකට සහභාගි වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියා.

“අපි දන්නවා මේ කාලය තුළ රාජ්‍ය පරිපාලනය කඩා වැටිලා තියනවා. මේ පසුගිය කාල වකවානුව තුළ එය තවදුරත් කඩා වැටුණා. දක්ෂයින්ව අයින් කරපු නිසා දක්ෂයින්ට තීරණ ගැනීමට තිබු අයිතිය ඉවත් කිරීම නිසා මේ පාලනය තවදුරටත් බිඳ වැටිලා තියනවා. විදේශ ප්‍රතිපත්තිය ගැන අවබෝධයක් නැති නිසා ලෝකයේ සිටින විදේශ බලවතුන්ගේ බල අරගලයට අපිට මැදිහත් වෙන්න උනොත් රටක් හැටියට අපිට ඉදිරියට යන්න වෙන්නේ නෑ. 2020, 2025 වෙනකොට ලෝකයේ ආර්ථික වැඩිවශයෙන් තියෙන්නේ ආසියාවේ. එතකොට ආසියාවට මේ ආර්ථික බලය එනකොට අපේ රටට අපි ඒක පාවිච්චි කරන්න සුදානමින් හිටියේ නැතොත් ඒ අවස්ථාව අපෙන් ගිලිහිලා යනවා.” ඔහු මෙහිදි පවසා සිටියා.

Gotabhaya Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here