පක්ෂය රැක ගන්න ඕන නම් තනතුරෙන් ඉවත් වෙන්න….අගමැති වෙනස් වුනාට පූටුව කැඩෙන්නේ නෑ

0

සම්මුතිවාදී රජයත්, තම පක්ෂයත් ආරක්ෂා කරගැනීමේ උවමනාවක් තිබේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ කළ යුත්තේ අප්‍රේල් 4 ට පෙර තම ධූරයෙන් ඉල්ලා අස්වීම බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසා සිටියා.

අද (30) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවටකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

අග්‍රාමාත්‍යවරයා විසින් තමන්ගේ අමාත්‍යාංශය යටතට ගෙන තිබූ මහා භාණ්ඩාගාරය යළිත් මුදල් අමාත්‍යාංශය යටතට පත්කිරීම තුළින් ජනාධිපතිවරයා කර තිඛෙන්නේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට සිටින තමන් වැනි අයට ආශීර්වාදයක් බවයි ඔහු සඳහන් කළේ.

විශ්වාසභංගය ගෙනෙන්නේ සම්මුතිවාදී රජය කඩන්නට කියමින් දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් පක්ෂ වෙත වැරදි මතයක් ලබාදීමට ඇතැමුන් උත්සාහ කරන බවත් නමුත් අග්‍රාමාත්‍යවරයා ඉවත්වීමෙන් සම්මුතිවාදී ආණ්ඩුව නැති නොවන බවත් ඔහු මෙහිදි සඳහන් කළා. එසේම ලූතින් පත්වන අගමැතිවරයා සමඟ සම්මුතිවාදී ආණ්ඩුව ගැන තීන්දුවක් ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

නව අග්‍රාමාත්‍යවරයා එ.ජා.පයේ, ශ්‍රී.ල.නි.පයේ හෝ රතන හිමියන් හෝ දොස්තර මහත්මයෙකු හෝ ආණ්ඩුව සිටින වෙනත් පක්ෂයක අයෙක් විය හැකි බවටත් අමාත්‍යවරයා මෙහිදි උපකල්පන ඉදිරිපත් කර සිටියා.

Dilan Perera