“රනිල් දැන් හිටියා ඇති ගෙදර යන්න” …. දින්නත්,පැරදුනත් ජාතික ආණ්ඩුව සුන්

0

විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්විමට කටයුතු නොකරන්නේ නම් එජාපය සහ ශ්‍රීලනිපය එක්ව පිහිටුවනු ලැබූ ජාතික රජය අප්‍රේල් 04දායින් පසු අහෝසි කිරිමට කටයුතු කලයුතු බවට යෝජනාවක් ශ්‍රිලනිප සභාපති,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් කර තිබේන බව වාර්තා වේ.

මේ අතර ජාතික රජය බිඳ වැටීම වැළැක්වීම සඳහා අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමට සුළු ජාතික පක්ෂද කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යම් හෙයකින් ජයග්‍රහණය කළහොත් සම්මුතිවාදී ආණ්‌ඩුව අවසන් බව ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන ඊයේ (30 ) පැවැති මාධ්‍ය හමුවක දී සදහන් කළා.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ කණ්‌ඩායම් රැස්‌වීම ලබන 02 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් එහිදීද මෙම කරුණු තවදුරටත් ස්‌ථිර වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

යහපාලන රජය තවදුරටත් ඉදිරියට ගෙන යැමේ එකම බාධාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ තනි මතයේ මුරණ්‌ඩු සහගත කටයුතු බවත් පැවසූ එම ඇමැතිවරුන් තවදුරටත් සඳහන් කළේ “රනිල් දැන් හිටියා ඇති ගෙදර යන්න” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here