පාතලය හිස ඔසවලා, රටේ ජනතාව, අනාගත පරම්පරාව විනාශ වෙනවා…..!

0

තම යුගයේදි යම් තාක් දුරකට පාතලය මර්දනය කර ජනතාව පීඩනයැන් බේරා ගැනීමට හැකියාව පැවතියද අද වන විට නැවතත් පාතලය රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටිනවා.

ඊයේ (30) කැස්බෑව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“අද පුවත්පතක් බලන රූපවාහිනයට හෝ ගුවන් විදුලියට සහය දෙන සෑම අවස්ථාවකදීම දකිනවා කොහේ  හරි වෙඩි තියලා වන ඝාතනයක්. පාරේ ඇවිදින කොට අඹු සැමියන්ව වෙඩි තියලා ඝාතනය කරනවා කියලා. පහුගිය දවස් දෙක් තුන ඇතුලත මම හිතන්නේ එවැනි ඝාතන කොළඹ නගරයේ 6 කට වැඩිය සිදු වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් රට තුළ ඇති වෙලා තියෙන්නේ. ඒකට කාටද දොස් කියන්නේ කියලා මම දන්නේ නෑ. කාටද චෝදනා කරන්න ඕන කියලා, කාටද ඇගිල්ල දික් කරන්න ඕන කියලා, කාටද ඇගිල්ල දික් කරන්න ඕන කියලා මම දන්නේ නෑ. අපේ යුගයේදි නම් අපිට පුළුවන් කම තිබුණා ඒ පාතාලයන් එක්තරා දුරකට මර්දනය කරගෙන ඉන්න. එයින් රටේ මේ තියන  මත් කුඩු වලින් රටේ ජනතාව අනාගත පරපුර බේර ගන්න හැකි වෙලා තියෙනවා.” හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

Mahinda Rajapaksa