පහුගිය අවුරුදු 3 ටම අපේ ජනතාවට ඉතුරු වුණේ දුකයි, කේන්තියයි විතරයි……ආණ්ඩුව මෙහෙම යන්න බෑ

0

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පෙරමුණ සහය දැක්වීමට තීරණය කළ බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසා සිටියා.

ඊයේ (30) මාධ්‍යවේදීන් අමාත්‍යවරයගෙන් සන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

එක්සත් ජාතික පෙරමුණ හා අගමැතිවරයා අතර පැවති සාකච්ඡා කවර මුහුණුවරක්ද ගත්තේ?

“අගමැතිවරයා සමග එජාපයේ ප්‍රබල අමාත්‍යවරුන් සහභාගි වෙලා හිටියා. ඉතින් අපි විවෘතව, දීර්ඝව සාකච්ඡා කළා. මොකද මේ ඇති වෙලා තියන අර්බුදය සමග 4 වෙනිදා එන විශ්වාසභංගය ගැන අපි සාකච්ඡා කළා. අපිට ඕන වෙලා තියෙන්නේ මේක අර්බුදයක් ඇති වෙන්නේ නැතුව මේක විසද ගන්න. අවසාන වශයෙන් එක්සත් ජාතික පෙරමුණේ කොටස්කාර පක්ෂ හැටියට අපි තීන්දුවක් ගත්තා. විශ්වාසභංග යෝජනාව පරද්දන්න කටයුතු කරමු කියන තීරණය අපි ගත්තා. මේ සම්බන්ධයෙන් අපි එක්සත් ජාතික පෙරමුණ 3 වෙනිදාත් රැස්වෙලා තීරණයක් ගන්නවා. ඒනිසා 3 වෙනිදා අවසන් තීන්දුව ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

“අපිට විවේචන තියනවා. එක්සත් ජාතික පෙරමුණ පැවැත්වීම ගැන, ආණ්ඩුව පැවැත්වීම ගැන අපිට විශාල විවේචන තියනවා. අපි ඒක කිව්වා. පසුගිය අවුරුදු 3 කාලය පුරා අපේ ජනතාවට ඉතුරු වෙලා තියෙන්නේ දුකයි, කේන්තියි විතරයි. ඒනිසා මේක මෙහෙම අරගෙන යන්න බෑ කියලා අපි කිව්වා.” අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.