අගමැතියි… ඒකාධිපති ගජමිතුරු හවුලයි රට විනාශ කළා…..පාරට බැහැලා එළවලා දාන්න ඕන!

4

රට විනාශ කළ අගමැතිවරයා තමන්ට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභාපති මෛත්‍රී ගුණරත්න පවසා සිටියා.

අද (31) උදෑසන අගමැතිවරයාට සියධූරයෙන් ඉල්ලා අස්වීමට බල කරමින් එම පෙරමුණ විසින් සංවිධානය කළ ජන බල අරගලය පාගමනට  එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“අපි මේ පා ගමන ආරම්භ කරලා තියෙන්නේ අගමැතිවරයාට සියධූරයෙන් ඉවත් වෙන්න කියලා, විශේෂයෙන්ම බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් විශ්වාසභංගය අගමැතිතුමා ජයග්‍රහණය කරන්න නොයෙකුත් උපක්‍රම යොදනවා. ඒ නිසයි අපි කල්පනා කළේ ජන අරගලයන් ක්‍රියාත්මක කරන්න ජනතාව පාරට බස්සන්න. මේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. මේ සියල්ලටම හේතුව තමයි අගමැතිතුමාගේ ඒකාධිපති ගජමිතුරු හවුල නිසා මේ ආර්ථිකය වනසලා තියෙනවා. ඒකට එරෙහිව තමයි මේ පාගමන සංවිධානය කළේ. අපි මේ ගමන කොළඹ වෙනකම් යනවා. මේ රටේ පක්ෂ භේදයකින් තොරව අපි ජනතාවට ආරාධනා කරනවා මේකට එක් වෙන්න. අපි කියන්නේ පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට මේකට එක්වෙන්න, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන්ට මේකට එක් වෙන්න, හැම කෙනාටම එක්වෙන්න. මොකද මේ අපේ රට අපේ මුදල් තමයි මේ හොරකම් කරලා තියෙන්නේ.” ඔහු මෙහිදි සඳහන් කර සිටියා.

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here