අපි පත් කරපු ආණ්ඩුවේ ලොක්කොත් අපිව ගනන් ගන්නේ නෑ…..ඇතුලෙන්ම අපිට කැපිල්ල…දුරදිග සිතලා තීරණයක් ගන්නවා!

2

ආණ්ඩුව පාලනය කරන නායකයින් ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය දැඩිව ප්‍රතිකේෂ්ප කරන අවස්ථාවකදි විශ්වාසභංගය සඳහා දුර දිග බලා ඡන්දය භාවිත කරන බව අමාත්‍ය රාවුෆ් හකීම් පවසා සිටියා.

ඊයේ (31) පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“අපි ආණ්ඩුවේ හිටියට අපිටත් අසාධාරණකම් සිදු වෙන කොට විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කය කියන්නේ මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 4ක් ඉන්න කොට ඒ දිස්ත්‍රික්කයෙන් පිව ප්‍රතිකේෂ්ප කරලා ඒ දිස්ත්‍රික්කයේ එකම මන්ත්‍රිවරයෙකුවත් නැති මෙහේ ඇවිල්ලා සල්ලි වලට බිලි බාගන්න ඇමතිවරයෙක් ඉන්න ප්‍රාදෙශීය සභා දෙකක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහයෝගය ලබා දෙමින් ලබා දුන්නා. අපි කොහොමද මේක අර්ථකථනය කරන්නේ. වෙන මොකටවත් නෙමෙයි ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහමුලින්ම විනාශ කරන්න ඕන කියන චේතනාවෙන් නෙමෙයි ද කියන එක පාක්ෂිකයෝ අපෙන් අහනවා. අපි ගෙනල්ලා අපි පත් කරපු ආණ්ඩුවේ ප්‍රධානය පෙලේ නායකයෝ තුට්ටු දෙකටවත් අපිව ගනන් නොගන්නා අවධියක කුමක්ද කරන්නේ කියලා අපෙන් ප්‍රශ්න නගනවා. නමුත් අපි දේශපාලන තීන්දුවක් ඉක්මනින් කලබලයට ගන්නෙත් නෑ. දුර දිග බලලා සිතා බලලා. ඒ වගේම අපිට ජන වරමක් තියනවා. ඒ ජන වරම ගැනත් කල්පනා කරලා සන්සුන්ව මේ පිළිබඳව තීරණයකට එළඹීය යුතුයි.” අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

2 COMMENTS

Comments are closed.