රටේ අනාගතය විනාශ කිරීමේ මූලස්ථානය තියෙන්නේ අරලියගහ මන්දිරයේ…..තිරණය ජනපති අතේ….

0

විශ්වාසභංගයට විශ්වාසය පළ කරන පිරිස් බහුතරයක් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.

නුවරඑළියේ සංචාරක හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

විශ්වාසභංගයට සහය පල කරමින් ඡන්දය භාවිත කිරීමට මන්ත්‍රිවරුන් බහුතරයක් ඒ වන විටත් ඒකරාශී කොට ඇති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

විශ්වාසභංගයේ තීරණාත්මක කාර්යය ඉටු කිරීම මේ වන විට ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බවත් ඔහුට අවශ්‍ය නම් එය දින වීමට පරාජය කිරීමට හෝ හැකියාව පවතින බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නා.

මේ අතර අකුරැස්ස ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයක් අමතමින් ද හිටපු ජනාධිපතිවරයා විශ්වාසභංගය පිළිබඳව අදහස් පළ කළා.

“මට හම්බ වුණා විදුහල්පතිවරයෙක්. එතුමා මට කිව්වා උත්සවයක් තියනවා, ඒ උත්සවයේදි අපේ දරුවන්ට පන්සිල් ගැනීම තහනම් කරලා තියෙන්නේ කියලා. තමන්ගේ ආගම අදහන්න මිනිසුන්ට තියන නිදහස, ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීලා තියන නිදහස උල්ලංඝනය කරන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නෑ. අද ගම්වල ජනගහනය මේ අයගේ වැඩ පිළිවෙළ නිසා අද අඩු වෙලා තියෙනවා. පුංචි පවුල රත්තරං, රත්තරං පවුල පුංචියි කියලා කිව්වා නම් මගේ පවුලේ 9 දෙනෙක් ඉන්න විදියක් නෑ. මේක ජාතියේ අවසනාවක් විදියට මම දකිනවා. යම් කිසි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් දෝ කියලා මට හිතෙනවා.”

“අනිත් එක තමයි අද පාසල් වලට හදුන්වලා දෙන්න යන අලුත් ලිංගික අධ්‍යාපන ක්‍රමය. බටහිර සිරිත් විරිත් හා මතවාද ලංකාවට පතුරුවන්න හදනවා නම්ඒකට ගමේ ඉඩ දිය යුතු නෑ කියලයි මම විශ්වාස කරන්නේ. ඒ පිළිබඳව මම පුවත්පත් වාර්තාවක් දැක්කා. eඒ අට අනුව මේකේ මුලස්ථානය පිහිටලා තියෙන්නේ අරලිය ගහ මන්දිරයේ කියලා මම දැක්කා. රටේ අනාගතයට මහා රතු එළියක් පෙන්නලා දීලා තියෙන්නේ.”

Mahinda Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here