ආණ්ඩුවක් තියනවා මෙලෝ රහක් නෑ.., ජනතාවට සුගතියකුත් නෑ, ආණ්ඩුවට වගතුවකුත් නෑ!

0

ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ආ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන බවත් පහුගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව හපන් බවත් ඌව පළාත් සභා අමාත්‍ය සමන්ත විද්‍යාපතිරණ පවසා සිටිනවා.

බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“අද වෙනකොට අපේ රටේ ආණ්ඩුව ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව යහපත් පාලනය කියන එක අයින් කරලා තියෙන්නේ. ආණ්ඩුවක් තියනවා මෙලෝ රහක් නෑ. මේ රටේ ජනතාවට සුගතියකුත් නෑ. ආණ්ඩුවට වගතුවකුත් නෑ. ආණ්ඩුව අද ලොකු අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. මේ ආණ්ඩුව ආවේ ප්‍රජාතන්ත්‍රවාදය අත තියන්නේ නෑ කියලා. ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා කියලා. මේ රටේ අධිකරණයට අත තියන්නේ නෑ කියලා. අද මොකද්ද ප්‍රතිඵලය තියෙන්නේ. අද මේ ආණ්ඩුවත් යහපාලනය විසි කරලා තියෙනවා. කියන්නේ නම් අගමැති වෙනස් කරන්න කියලා. ඔන්න විශ්වාසභංගයත් ගෙනල්ලා. අපිට නම් පේන්නේ මේ ආණ්ඩුව ගිය ආණ්ඩුවත් වඩා හපන් කියලා. දැන් ජනතාවගේ ප්‍රශ්න පැත්තකට දාලා දැන් මහජනතාවට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියනවා. දැන් සිංහල හා හින්දු අවුරුදු සමය එළඹිලා තියෙන්නේ. එහෙම තියෙද්දි ජනතාවට තියෙන ප්‍රශ්න නෙමෙයි. කතා කරන්න වෙලා තියෙන්නේ. මාධ්‍යයත් කතා කරන්නේ. අපිටත් කතා කරන්න වෙලා තියෙන්නේ. විශ්වාසභංගය ගැන, ප්‍රදේශිය සභාවේ සභාපති පත් කරන්නේ කොහොමද, නගර සභාවේ සභාපති පත් කරන්නේ කොහොමද කියලා.”

“දැන් මේකේ හරි අපූරු යහපාලනය තියෙන්නේ. එක පැත්තකින් රනිලුයි මහින්දයි එකතු වෙලා. අනිත් පැත්තෙන් රනිලුයි මෛත්‍රීයි එක්කහු වෙලා. අනිත් පැත්තෙන් මෛත්‍රීයි මහින්දයි එක්කාහු වෙලා. මොකද්ද මේ විගඩම දෙගොල්ලෝ මැතිවරණ වේදිකාවේ පලු යන්න දෙසා බෑවා. දැපැත්තටම බැන අඬ ගාගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ දෙපැත්තටම ඔටුණු රැක ගන්න එක්කාහු වෙන්න සිද්ධ වෙලා තියෙනවා.” මන්ත්‍රිවරයා මෙහිදි වැඩිදුරටත් පවසා සිටියා.