මාධ්‍යයට ආණ්ඩු හදන්නත් ආණ්ඩු පෙරලන්නත් පුළුවන්

0

රටේ ආණ්ඩු හදන්නත් ආණ්ඩු පෙරලන්නත් පුළුවන් කණ්ඩායම් බවට අද මාධ්‍යවේදීන් වගේම මාධ්‍ය ආයතනයත් පත්ව ඇති බව එක්සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.හම්බන්තොට දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සඳහා සහභාගි වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ අද මාධ්‍ය එක්ක කටයුතු කිරීමේදී දේශපාලකයින් විදියට අපිටත් බොහොම ප්‍රවේශමෙන් තමයි කටයුතු සිදුකිරීමට සිදුව ඇති බවයි.

“සමහර මාධ්‍ය ආයතන දේශපාලන අධිකාරියට හා දේශපාලකයින්ට විනාඩි ගණන් වෙන්කර තිබෙනවා තමන් කැමති අයට ඒ අවස්ථාවන් ලබාදෙන්න.මාධ්‍ය ආයතන හිමිකාරිත්වයට අද පුළුවන්කම තිබෙනවා තමන් කැමැති මන්ත්‍රීවරු පාර්ලි‌‌මේන්තුවට යවන්න, තමන් කැමැති මන්ත්‍රීවරු පළාත් සභාවලට හා පළාත් පාලන ආයතනවලට පත් කරන්න හැකියාව මාධ්‍ය ආයතනවලට හැකියාව තිබෙනව. අද පාර්ලිමේන්තුවේ හා පළාත් සභාවල ඒ වගේ අවස්ථා තිබෙනවා.”

“ඒ වගේම මාධ්‍ය වාර්තාවල විවිධ දේවල් පලවෙනවා. මාධ්‍ය නිසා රටේ ප්‍රශ්න නිර්මාණය වූ අවස්ථා තිබෙනවා. අම්පාර ඇතිවුණු සිද්ධිය, නුවර ඇතිවුණ සිදුවීමෙන් විශාල විනාශයක් සිදුවුණ. එම නිසා හරිම ප්‍රවේශමෙන් තමයි මාධ්‍ය ආයතනයත් මාධ්‍යවේදීනුත් ප්‍රවෘත්ති පලකල යුත්තේ. මේවා නිවරදි කරන්න බොහොම කාලයක් යනවා. විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමයි මෙය සිදුවෙන්නේ. මේවට එරෙහිව කතාකරනවා කියල පහුගිය කාලේ බොරුවට මට මඩ ගැහුවා. ෆෙස්බුක් වගේ සමාජ මාධ්‍ය ජාලවල යම් පාලනයක් සිදුවිය යුතුයි. ඒවායේ මාධ්‍ය ආයතනවලටත් එහා ගිහින් අසත්‍ය නිර්මාණයන් බොහොමවත් පලවීම නිසා තමයි මේ බොහෝ විනාශයන්ට පවා මුහුණු දෙන්න සිදුවී තිබෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here