රෝයල් කොලිජීයේ කල්ලිය රටෙන් ෆුට් බෝල් ගහන එක නතර කරනවා…වික්‍රමසිංහට අගමැතිකම නැති වෙනවා….ඉර බහිනවා වගේ ඒක විශ්වාසයි

0

අප්‍රේල් 04 වෙනිදාට හිරු පෑයීම අනිවාර්යයෙන්ම සිදු වනවා මෙන්ම එදින හවස අගමැතිවරයා විශ්වාසභංගයෙන් පැරදි සිය ධූරය අහිමි කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු වන බව ජාතික නිදහස් පෙරමුණෙ නායක විමල් වීරවංශ පවසනවා.

අද (02) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“දේශපාලන දාම් පෙතේ එක ඉත්තෙක් ඇදලා තියෙන්න ඕන අනික් ඉත්තොන්ගේ හැසිරීම බලන්න. සමහරු කියනවා මේ ඉත්තා අදින්න එපා අගමැති ඉත්තාට ඔහෝම ඉන්න දෙන්න. ඒ ඉත්තා එහෙම දාම් පෙතේ ඉන්නකම් අනිත් ඉත්තෝ අදින්න බෑ. අපි සහතික කරලා කියනවා 4 වෙනිදා ඉර බහින්නේ, 5 වෙනිදාට ඉර පායන්නේ පාර්ලිමේන්තුවේ aඅගමැතිවරයාගේ කණ්ඩායම පරාජයට පත් කිරීමෙන්, විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමෙන්.”

“අද විශ්ව විද්‍යාල වහලා දරුවෝ ටික ගෙදර, රටේ ආර්ථික උද්දමනය ඉහළ ගිහිල්ලා, පාතල කල්ලි මේ රටේ කාගේ හරි ජීවිතයක් දෙකක බිල්ලට ගන්නවා. රටේ ප්‍රශ්න උග්‍ර වෙලා. මොකටද මෙහෙම ආණ්ඩුවක්. දවසින් දවස පේන්නේ මේ ආණ්ඩුවේ බෙලහීනකම, අසාර්ථකකම හා තකතීරු කම, තොරණ දාන එක නවත්වන්න ආවා වෙසක් දවසටයි, පොසොන් දවසටයි. ආණ්ඩුවට වෙන වැඩ නෑ. ඕවා තමයි වැඩ. මේ වගේ අජූත ආණ්ඩුවක් තියාගෙන රටකට ඉස්සරහට යන්න බෑ. අග්‍රාමාත්‍යවරයා ඇතුළු රෝයල් කොලිජියේ කල්ලියක් මේ රට අද පාපන්දුවක් කරගෙන. හිතෙන හිතෙන පැත්තට පහර දෙන එක අපි නවත්වන්න ඕන. අපි කියන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයෝ කරපු පව් වලට විපාක විදින්න ලෑස්ති වෙන්න. කරුණාකරලා බැහැලා යන්න. ඔබතුමාට මේ රටේ පාලන සුක්කානම නැවත හසුරුවන්න ඉඩ දෙන්න බෑ,” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Wimal Weerawansa