04 වෙනිදා ට පෙර ඉල්ලා අස්වෙන්න… ශ්‍රිලනීපය එක හඩින් රනිල්ට කියයි….අගමැති රනිල්ට විශ්වාසභංගයේදි සහය නෑ!

0

විශ්වාසභංගයට පෙර අගමැති රනිල් වික්‍රමසිංහට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රිවරුන් 42 මෙම තීරණය ඒකමතිකව ලබා ගත් බවත් එම තීරණය මේ වන විට ජනාධිපතිවරයා වෙත යවා අවසන් බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කර සිටියා. ඒ අනුව ඊයේ (02)  මධ්‍යම රාත්‍රිය වන තෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග පැවති සාකච්ඡාවේදි ඒ පිළිබඳව සාකච්ඡා වූ බවත් එහිදීද අගමැතිවරයාට ඉල්ලා අස්වීමට බල කිරීමට එම මන්ත්‍රි කණ්ඩායම එකඟ වූ බවත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි සඳහන් කර සිටියා.

මෙම තීන්දුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීම සඳහා 42ගෙන් සමන්විත ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම අද (03) උදෑසන අගමැතිවරයා හමුවීමටද නියමිතය.

මේ අතර යම් හෙයකින් තමන්ගේ ඉල්ලීමට පිටුපාමින් අගමැතිවරයා තනතුරෙන් ඉල්ලා අස් නොවන්නේ නම් විශ්වාස භංග විවාදයේදී විශ්වාස භංගයට සහාය දැක්වීමට ද ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසා සිටියා.