එතුමා හොඳයි අපි නරකයි නෑ…. හොඳ නම් අපි ඔක්කෝම හොඳයි….පැරදුනොත් ඔක්කෝම පරාදයි….!

0

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වුවහොත් එය ජනාධිපතිවරයාගේද පරාජයක් බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කරනවා.

ඊයේ (02) අරලියගහ මන්දිරයේදි පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“මොකද මේක රජයට එරෙහිව එන විශ්වාසභංගයක්. රජය කියන්නේ ජනාධිපති, අගමැති, ඇමතිවරු අපි ඔක්කෝම. මේ විශ්වාසභංගය පරාජයට පත් වුනොත් ජනාධිපතිතුමත් පරාදයි. ආණ්ඩුවේ නායකයා ජනාධිපති. රජයේ නායකයා ජනාධිපති. මේ රජයට විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා කියන්නේ එතකොට ජනාධිපතිත් පරාදයි. ඒ නිසා එතුමාත් අපි ඔක්කෝම තමයි රට පාලනය කළේ. ඒ නිසා එතුමා හොඳයි, අපි නරකයි නෑ. නරක නම් අපි ඔක්කෝම නරකයි. පරාද නම් අපි ඔක්කෝම පරාදයි,”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here