විශ්වාසභංගය දිනලා ඒ ගැම්මටම 2020ට අපි ලෑස්ති වෙනවා….දැන් 45% ගන්න බැරි පොහොට්ටුව 50% ගන්නේ කොහොමද?

0

ලබන 4 වෙනිදාට විශ්වාසභංය අනිවාර්යයෙන් පරාජය කොට 2020 මහමැතිවරණ හා ජනාධිපති මැතිවරණ සටන ආරම්භ කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

අද (03) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“2015 ජන වරමට විරුද්ධව කුමන්ත්‍රණය කරපු කණ්ඩායමක් තමයි මේ විශ්වාසභංග යෝජනාව ගේන්න පෙරමුණ අරගෙන තියෙන්නේ. මේ ආණ්ඩුව පරාජයට පත් කරලා ඒ අයට බලයට එන්න පුළුවන්ද කියලා තමයි මේ බලන්නේ. ඒ ගොල්ලන්ට ඕන මේ ආණ්ඩුව අස්ථාවරකරන්න. ඒ අයට ජනතාවගේ ජීවන තත්ත්වය, රටේ ආර්ථික තත්ත්වය කිසි දෙයක් ඕන නෑ. ඒ අයට ඕන මේ රට අස්ථාවර කරන්න. බලය ලබා ගැනීමේ දුෂ්ට චේතනාව විතරයි තියෙන්නේ. ඒක කොහොම හරි ගන්නයි ඕන. අපි 2015 ලබා ගත්ත ජන වරම ආපස්සට හරවන්න දෙන්නේ නෑ. ඒ සියළු බලවේග එකතු වෙලා අපි මේ විශ්වාසභංගය පරාජයට පත් කරනවා. 2020 ජනාධිපති සටන පාර්ලිමේන්තු සටන අපි එතන ඉදලා ආරම්භ කරනවා. 2020 එන ජනාධිපතිවරණයට ඒ ගොල්ලන්ට 50%ක් ගන්න පුළුවන් කමක් නෑ. මේ තත්ත්වය මතත් 45%ක් ගන්න බැරි නම් තව ඉස්සරහට යනවා කියන්නේ ඒ ගොල්ලන්ට අමාරු වැඩක්. නියත වශයෙන්ම් අපි මේ විශ්වාසභංගය ජයග්‍රහණය කරනවා. ඒකේ කතා දෙකක් සැකයක් ඇති වෙලා නෑ කියලා කියන්න ඕන,” අමාත්‍යවරයා පවසා සිටියා.

Akila Viraj Kariyawasam

ජනතා රජය රකින්නට එක සිතින් කැපවන අයුරු

ජනතා රජය රකින්නට එක සිතින් කැපවන අයුරු

Posted by Akila Viraj Kariyawasam on Monday, April 2, 2018