මට කියන්න දෙයක් නෑ….විශ්වාසභංගයට වෙන දේ කවුරුත් දන්නවා නේ….!

0

නායකයින් වැඩි වූ විට රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය අවුල් සහගත තත්ත්වයට පත් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.

කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයක දි අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

“අද රට තුළ සමහර තැන් වල ඇති වන සිද්ධින් නිසා මේ සංහිදියාව නැති වෙලා තියෙනවා. මේ සංහිඳියාව නැති වීමට එක්තරා විදියකින් මේ රජයත් වගකිව යුතුයි. එවැනි තත්ත්වයක් ඇති වෙන්න හේතුව තමයි තීරණයක් ගන්න තියන නොහැකියාව. තීන්දු ගන්න වැඩි දෙනෙක් ඉන්නකොට තින්දු ගන්න බෑ. පන්සලක වුනත් නායක හාමුදුරුවෝ හැර නායකයෝ කිහිප දෙනෙක් ඉන්නකොට නායක හාමුදුරුවනේ තීන්දු ගන්න බෑනේ. ඒ වගේ තමයි රටටත් නායකයෝ වැඩි වුණාම තීන්දු ගන්න බෑ. මේ දිනවල කොහේ ගියත් මගෙන් කට්ටිය අහන්නේ විශ්වාසභංගයට මොකද වෙන්නේ කියලා. මම හිතන්නේ විශ්වාසභංගයට වෙන දේ දැන් කාටත් පැහැදිලියි. ඒ නිසා මම මොකුත් කියන්න යන්නේ නෑ දැන්. 04 වෙනිදා 9.30 වෙනකොට විශ්වාස භංගයේ ප්‍රතිඵල නිකුත් වේවි. මාධ්‍යය මම හිතන්නේ බලාගෙනම ඉන්නවා ඒක ප්‍රසිද්ධ කරන්න. මම ඒක දැන්ම ප්‍රසිද්ධ කලොත් මම හිතන්නේ හොද නෑ.”