විශ්වාසෙට පක්ෂ වුනත් විරුද්ධ වුනත් උතුරේ සහය ලියලා දෙන්න!

0

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂ වුවත් විරුද්ධ වුවත් ද්‍රවිඩ සන්ධානය එය කල යුත්තේ ලිඛිත අවබෝධතා ගිවිසුමකට අනුව බව උතුරු පළාත් ප්‍රධාන ආමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සඳහන් කරනවා.

මාධ්‍ය අමතා ප්‍රකාශයක් කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ ද්‍රවිඩ සන්ධානයේ තීරණය දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ගනු ලබන තීරණයක් විය යුතු බවට වන විශ්වාසයෙන් යුතුව සිදු කළ යුතු බවයි.

විශ්වාසභංග යෝජනාව ගැන කතාකරන නායකයන් බොහෝ දෙනෙක් සඳහන් කර සිටින්නේ ඔවුන්ගේ පෞද්ගලික මතය මිස ජනතාවගේ අදහස නොවන බවත් එක් එක් දේශපාලන පක්ෂ කෙරෙහි වෙන වෙනම අවධානය යොමුකළ විට තමන් සඳහන් කරන කාරණය තේරුම්ගත හැකි බවත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම මේ වන විට වත්මන් දේශපාලන වාතාවරණයේදී සුළු ජාතීන්ට එරෙහි ක්‍රියාවන් ඇතිවීමට හේතු ඇත්තේ මහාජාතියේ නායකයින්ට එල්ල වන බලපෑම් බවත් එහෙයින් මෙම අවස්ථාවේදී කල්පනාකාරීව කටයුතු කරමින් සුදුසු තීරණයක් ගතයුතු බවත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here