කවුරු කොහොම කිව්වත් ජවිපෙ තීරණය අරගෙන ඉවරයි…..රනිල්ට මනාපය දෙන්නේ නෑ

0

රනිල් වික්‍රමසිංහට එරෙහිව ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු 6 දෙනාම ඡන්දය ලබා දෙන බව එම පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් මේ දින වල විවිධ මත පැතිර යන බවත් විශ්වාසභංගයක් ඇනි මෙවන් විශේෂ අවස්ථාවක් රටේ පවතින අවස්ථාවක එවන් මත පැතිරීම සාමාන්‍ය බවත් ඔහු සඳහන් කර සිටියා.

කෙසේ නමුත් අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව සහාය දීමට ජනතා විමුක්ති පෙරමුණ කල් සිට තීරණය කළ බවත්, එහි කිසිදු වෙනසක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

එසේම විශ්වාසභංග යෝජනාවට ජවිපෙ මන්ත්‍රිවරුන්ගෙන් කොටසක් සහාය පළ නොකර සිටින බවට කටකතා පැතිරවුවත් එවැනි විශේෂ අවස්ථා මඟ හැර කටයුතු කළේ කවුද යන්න රාජපක්ෂ කණ්ඩායම සිහිපත් කරගත යුතු බවයි මහ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.