තනතුරෙන් නොගියොත් රනිල්ට ඇප නෑ….යහපාලනයෙත් වෙනසක්!

0

අගමැතිධූරයෙන් ඉල්ලා අස් නොවුනහොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විශ්වාසභංගයේදි රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව අගමැතිවරයාට දැනුම් දුන් බව අමාත්‍ය එස් බී දිසානායක සඳහන් කළා.

එසේම අද (04) රාත්‍රීයේ විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම අනිවාර්යයෙන්ම සිදුවන්නක් බව පැවසු අමාත්‍යවරයා යහපාලන රජයේ වෙනස්කම් සිදු වන බවත් ප්‍රකාශ කළා.

ශ්‍රිලංනීපයේ තීරණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දැනුම්දුන් අවස්ථාවේ හෙතෙම කිසිවක් ප්‍රකාශ නොකළත් විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීරණය කළ බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂා කිරීමටද තම පක්ෂය කටයුතු කරන බවත් මෙහිදී අමාත්‍ය ජෝන් අමරතුංග ප්‍රකාශ කළ බවයි එස් බී අමාත්‍යවරයා සඳහන් කළේ.

S. B. Dissanayake