විශ්වාසභංගය අස්සේ බැසිල්ට එරෙහි කුමන්ත්‍රණයක්….! – චම්පිකගෙන් හෙලිදරව්වක්

0

ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංගය ගෙන ඒමේ සෑබැ අරමුණ වූයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කොන් කිරීම බව අමාත්‍ය පාඨලි චම්පික රණවක සඳහන් කළා.

මීට ටික වේලාවකට පෙර අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන්කළා.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“විශ්වාසභංගයේ වතින දේශපාලන තත්ත්වය අපි අනිවාර්යෙන්ම විශ්ලේෂණය කර ගන්න ඕන. කවුද මේක ගෙනත් තියෙන්නේ. මේක ගෙනත් තියෙන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඒ රාජපක්ෂ මහත්තයාගේ පාර්ශවය නියෝජනය කරන පිරිස්. ඒ පිරිස් මේක ගෙනාවේ ඇයි? ඔවුන් මේක ගෙනාපු හේතුව හා ඔවුන්ගේ දේශපාලන අරමුණ අද මෙතන පැහැදිළි වුණා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පිරිසෙන් ටිකක් ඒ පැත්තට අරගෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ කරගෙන ඉස්සරහට ගෙනියන්න. නමුත් අපි කියන්න ඕන මේක ගෙනාව පිරිස අතර ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි ඒ පොහොට්ටු පක්ෂයේ බැසිල් රාජපක්ෂ මහත්තයා කොන් කරන්න කටයුතු කරපු පිරිසක්. ඒ දේශපාලන අරමුණු ඉටු කරගෙන තවදුරටත් රට අස්ථාවර කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. 2015 ජනවාරි මාසයේ ලැබිච්ච ජනවරමත්, අගෝස්තු මාසයේ ලැබිච්ච ජනවරමත් ඒ වගේම පසුගිය පළාත් පාලන මැතිවරණයේ ලැබිච්ච ජනවරමත් එක්ක. විශේෂයෙන්ම අපි කියන්න ඕන මේ විශ්වාසභංගය අද මේ  පාර්ලිමේන්තුවේදි පරාජයට පත් වෙනවා. ඒකේ සැකයක් නෑ. ඒ වුනත් පළාත් පාලන ඡන්දෙදි මේ රටේ ජනතාව දුන්න පණිවිඩය ඉටු කිරීම එක්සත් ජාතිකපෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුළු ජනාධිපතිවරයාගේ වගකීම වෙනවා.”

Champika Ranawaka