රුපියල් මිලියන 210 හොරා කෑ මේ හොරා දන්නවාද?

0

රුපියල් මිලියන 210 කට අධික මුදල් වංචාවකට හවුල් වූ බවට චෝදනා ලද පුද්ගලයෙකුගේ පිංතූරයක් පොලිසිය විසින් නිකුත් කොට තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසා සිටියේ නාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව රාජගිරිය ප්‍රදේශයේ පදිංචි ව සිටි මෙම පුද්ගලයා පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම පැමිණිල්ල ට අනුව රාජගිරිය, බුත්ගමුව, පෙරේරා මාවතේ පිහිටි Sky Gardens නිවාස සංකීර්ණයේ පදිංචි සංජීව ද සිල්වා පණ්ඩිතසේකර යන සැකකරුට එම පැමිණිල්ල කළ පුද්ගලයා විසින් 210,623,250 ක මුදල් ප්‍රමාණයක් ලබා දි තිබේ.

මෙම සැකකරු සම්බන්ධව හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතන අතර ‎011-239 5248 අංකය යටතේ මුදල් අපරාධ විමර්ශන අංශයට තොරතුරු ලබා දෙන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here