රනිල්ට බෑ කියලා පෝස්ටර් ගැහුවේ රනිල්ට පුළුවන් නිසා….චන්ද්‍රිකාට තිබ්බ ලොකුම අභියෝගය රනිල්!

0

1999 ජනාධිපතිවරණයේ දි ‘රනිල්ට බෑ’ ලෙසට රට පුරා පෝස්ටර් ඇලවීමට හේතු වූයේ චන්ද්‍රිකා කුමාරතුංගට එවකට පැවති එකම අභියෝගය රනිල් වික්‍රමසිංහ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරනවා.

අද (04) පාර්ලිමේන්තුවේදි විශ්වාසභංගය පිළිබඳව විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“99යේ ජනාධිපතිවරණයට මාස 09 කට විතර ඉස්සල්ලා අපි මුළු රටේම ගැහුවා පෝස්ටරයක් රනිල්ට බෑ කියලා. ඒ වෙලාවේ අපි රනිල්ට බෑ කියලා පොස්ස්ටරයක් ගැහුවේ අපි හොදින්ම දැන ගෙන හිටියා චන්ද්‍රිකා මැතිණිය දිනවන්න  විශාලතම අභියෝගය තියෙන්නේ රනිල් වික්‍රමසිංහගෙන් කියලා. රනිල්ට පුළුවන් නිසා තමයි අපි එදා රනිල්ට බැ කියලා හැමතැනම පෝස්ටර් ගහලා ඒ මැතිවරණය ප්‍රචාරක කටයුතු පටන් ගත්තේ. දැන් අවුරුදු 20 ක්ගතවෙලා. මේ විශ්වාසභංගයෙන් අපිට පැහැදිලිව පෙනි යනවා අදත් මේ රටේ තියන ප්‍රධානතම දේශපාලන අභියෝගය රනිල් වික්‍රමසිංහ කියලා. මෙය එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක පළමු පියවර බවයි පේන්නේ. අපේ වාසනාවට හා මේක ගෙනාපු අයගේ අවාසනාවට මේක දැනටමත් පරාදයි.” අමාත්‍යවරයා පවසා සිටියා.