ඇමතිගේ ගැසට්ටුව නෑ….. අන්‍යධන නිකමෝ තවත් සිසු ජීවිත බිල්ලට ගනී!

0

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පොරොන්දු වූ පරිදි චක‍්‍රලේඛය නිකුත් නොකළ නිසා අනධ්‍යයන සේවක වැඩවර්ජනය ඉදිරියට ගෙනයාමට තීරණය කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ සඳහන් කළා.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ ඉකුත් (2) දා පැවැත්වූ සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාව නිසා මෙම වර්ජනය අවසන් කරන්නට තීරණය කර තිබූ බවත්, ඒ සඳහා වන ලියවිල්ලක් අමාත්‍යවරයාට භාර දුන්නද පොරොන්දු වු පරිදි ඉල්ලිම් ඉටු නොවු නිසා නැවත වර්ජනය ඇරැඹිමට තීරණය කළ බවයි ඔවුන් පවසා සිටියේ.

චක‍්‍රලේඛය නිකුත් වනතුරු වැඩවර්ජනය අත්හළ නොහැකි බැවින් තවදුරටත් තම වෘත්තීය ක‍්‍රියාමාර්ගයේ නිරතවීමට සිදුවන බවත් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළා.

කතෘ සටහන:

දැනට මාසයකට අධිකරණය කාලයක් පුරා ලංකාවේ සියළු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අනාගතය මුළුමනින්ම අඳුරු කරමින් මෙවන් සාපරාධි අපරාධයක් අධ්‍යාපනයට කිරීම පිළිබඳව අපට ඇත්තේ මහත් කණගාටුවකි. එක් අතකින් තම පක්ෂයේ නායකයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජය ගැනීමට ම පක්ෂයේ මහලේකම්වරයා වූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා දිවා රෑ වෙහෙසෙන විට මේ රටේ බුද්ධිමත් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් සාධාරණය කරන්නට ඔහුට අවකාශයක් නොමැති වූ අවස්ථාවක ගැසට් පත්‍රය නිකුත් නොකිරීම මෙන්ම මාස 2ක් විශ්වවිද්‍යාල සිසුන්ගේ මව්පියන්ගේ බදු මුදලින් මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදලෙන් පඩි අරගෙන ගෙදරට වි සැපසේ ගත කරන අනධ්‍යන සේවයයන් මේ කරනා හෙන ගහනා අපරාධය ගැන හොයන්නත් මේ රටේ කෙනෙක් නැත. ඒ පිළිබඳව අපට ඇත්තේ බලවත් පිළිකුලකි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අධ්‍යාපනය ඇති අයිතිය පිළිගෙන නැති මොහොතක තමන්ට සිදුවන අසාධාරණය වෙනුවෙන් නීතියේ පිහිට අයැදීමටද සිසුන්ට හැකියාවක් නොමැත. විශ්ව විද්‍යාලයක අවුරුදු 4ක් දුක්විඳ උපාධියක් ගැනීමේ අමාරුව දන්නේ කැම්පස් ගිය එකෙක්ම පමණි. එවන් දුකක් විඳ ඉගන ගන්නා දරුවන්ට මෙලෙස කිරීම ගැන නීතිය කෙසේ වෙතත් පිං පඩි ගනිමින් වැඩ වර්ජන කරන අනධ්‍යන සේවයක්ගේ හෘද සාක්ෂිය පිළිබඳව ඇත්තේ ද මහත්සැකයකි.

මේ රටේ නිදහස් අධ්‍යාපනය රකින්නට, හෝ වෙනත් සුභසාධන ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුව්න් පාට පක්ෂ ලෙස පිල් බෙදුනද තම පඩිය වෙනුවෙන් සියළු බේද පසෙකලා එකතු වන කුජීත වෘත්තිය සමිති ලංකාවේ හැරෙන්නට වෙන කොහේවත් නැතුව ඇති. එසේම අසරණ ජනතාවගේ බදු මුදලින් පඩි අරගෙන එම ජනතාවටම කෙලවන අධම වෘත්තීය සමිතිත් ලොවෙත් නැතුව ඇති. අපි සංවිධානය වීමට වෘත්තීය සම්ති සෑදීමේ නිදහසට සහයෝගය දුන්නත් මෙවන් අහස පොළව උහුලන්නේ නැති අපරාධ කරන වෘත්තිය සමිති වෙනුවෙන් වගකීමක් ඇති මාධ්‍යයක් ලෙස උදව් නොදෙන බවත් පවසා සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here