පණ යනකම් හොරකම් කළා….දැන් කියනකොට නලියනවා….කට ඇරියාද එකෙක්…., ගූ බයයි ඒ කාලේ!

0

තම පාලන කාලය තුළ සිදු කර හොරකම් ගැන කතා කරද්දි ලැජ්ජා විය යුතු බවත් ඔවුන් තම ලැජ්ජාව වසා ගැනීමට කෑ ගසන බවත් ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සඳහන් කරනවා.

ඊයේ (04) පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයේදි රාජපක්ෂවරුන් හා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමේ සිදු කළ වංචාවන් හා හොරකම් පිළිබඳව කතා කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදි අදහස් පළ කළ අමාත්‍යවරයා,

“අර කෑගහන කෙනාගේ ගෙදර පහුගිය දවස්වල කොල්ලෙක් මැරුණා. දැන් එයා භූතයෛක් වෙලා. ඉල්ලන්නෙම ව්‍යාඝ්‍රලු. සාමාන්‍යෙයන් භූතයො ඉල්ලන්නේ කරවල නේ. නිකං කෑගහලා මගෙන් අහගන්න එපා. අතීතය සිද්ධවෙච්ච දේවල් එක්ක සන්සන්දනය කරෝතින් මහේන්ද්‍රන්ව උපදේශ කෙනෙක් කරපු එකේ කිසිම වරදක් නෑ. ඒකාලේ ආර්ථිකේ මෙහෙයවූයේ පි.බී. එයාට විරුද්ධන නඩුවක් තිබුණ.”

“ඒකෙන් එයාව අයින් කලා. පස්සේ මහින්ද එයාව උපදේශක කෙනෙක් කියලා පත් කළා. ඒනිසා අගමැතිතුමා මහේන්ද්‍රන්ව එහෙම පත්කරපු එකේ කිසි වැරැද්දක් නෑ. මේ විශ්වාසභංගයෙන් අපි තවත් ශක්තිමත් වුණා. අපි දිනුවත් දිනුම්. පැරදුණත් දිනුම්. මේක ගිහින් අර භූතයට කියන්න. ඒකාලේ මුදල් අවභාවිතා කරපු හැටි මං ගාව ලැයිස්තුවක් තියෙනවා. ඒවා තියාගෙන මේ බිලියන 10ක් ගැන කතාකරන එක මට තේරෙන්නෑ. ගෝඨාභය මිලියන 11ක් හොරකම් කලා ඇවන්ගාඩ් එකෙන්. ඒකාලේ ඒ පාලකයාට විරුද්ධව දෝෂාභියෝග ගෙනාවේ නෑ. එහෙනම් කද තියෙයි නිල්වලා ගගේ. ග්‍රීඩ බොන්ඩ් කියලා එකක් තිබුණා. ලෝකේ කිසි කෙනෙක් ගිහින් ඒකේ සල්ලි දැම්මේ නෑ. කබ්රාල්ලා ඒකේ මිලියන 7ක් දැම්මා. ඒ සල්ලි ජනතාවට නැතිවුණා. අර බෙල්ල වටේ රතුපාට මාලේ දාගෙන ඉන්න කෙනා නෑ මෙතන.”

“කරපු තක්කඩිකම් කියන කොට ලැජ්ජා තමයි. මේවා හැන්සාඩ් ගතවෙනකොට ලැජ්ජා තමයි. ලලිත් හිරේ ගියා. නියෝග දුන්න මිනිහා එලියේ. මිලියන 600 ක් පෙන්නලා තියෙන්නේ බොරු බිල් දාලා. මේ ජනතාවගේ සල්ලි. ඒකාලේ කවුරුවත් කලා කලේ නෑ ජිවිතේට තියෙන ආසාව නිසා. මිලියන 200ක ලිත් බෙදුවා තවත් සාටකේ දාගෙන ඉන්න කෙනෙක්. මේවා කරන කොට සද්ද නැතුව හිටපු අය කියනකොට කෑ ගහනකොට කරන්න දෙයක් නෑ. අම්මගේ තාත්තාගේ සොහොන හදන්න මිලියන අසූවක් හොරකම් කරපු කෙනෙක් මිලග ජනාධිපති අපේක්ෂක තමුන්නාන්සේලාගේ. රටේ නීතියට උඩින් යන්න කිසිම රණවිුවෙකුට උඩින් යන්න බෑ. රණවිරුවෝ වෙනුවෙන් කතා කරන්න තමුන්නාන්සේලාට අයිතියක් නෑ. මිග් යානාවලින් ඩොලර් මිලියන 14ක් ගෝඨාභය හොරකම් කරලා තියෙනවා. සාක්කි එකතුවෙලා තියෙනවා. හෙට අනිද්දා නඩු දානකොට අත්අඩංගුවට ගන්නෙපා කියලා කියාවි. ඒවගේ අය කොහොමද රණවිරුවෝ ගැන කතා කරන්නේ? රක්නා ලංකා සමාගමේ අය දාලා 2015 ජනාධිපතිවරණයට දාලා මිලියන 07ක පාඩුවක් වුණා. අයි.ටි.එන්. එකට මිලියන 110ක් මහින්ද කරපු පාඩුව. අවුරුදු විස්සක සිරදඩුවමක් ගෙවන්න වෙනවා එයාට. අලුත් අපේක්ෂකයෙන් හොයාගන්න වෙනවා ඔයාලට. අලුත්ගමගේ හැමෝම එක්ක හිතවත්. එයාටත් තියයෙනවා වංචා චෝදනවක්. එතුමා කූඩුවට යනවා නම් මම කණගාටුවෙනවා. ඒකාලේ එතුමා මට සමච්චල් කරා. මම ඇමති කෙනෙක් හැටියට මට තියෙන්නෙ එක වාහනයයි. මේ මොණරාගල ගස් ඔක්කොම හොරකම් කරපු සොයියා වාඩිවෙන්න. කැලෑපාළුවා. දකුණේ සොයිසලා හොරකම් කරන්නෑ. හොඳ පිරිසිදු මිනිස්සු. මේ සොයිසා හොර තක්කඩියෙක්. අවුරුදු 70ක් පරණ අපේ පණමෙන් ආරක්ෂා කරගත්ත හමුදා මූලස්ථානය විකුණලා කාපු නායකයා.”

Sarath Fonseka