ජනතාවට සමීප වෙමින්….ඇඟට දැනෙන සංවර්ධනයක් සමඟ රට ඉදිරියට ගෙන යන බවට අගමැති පවසයි

0

පෙබරවාරි 10 වෙනිදා ජනතාවගෙන් ලැබුණු පණිවිඩය සමග ආණ්ඩුවක් හැටියට නව ගමනක් යාමට තිබෙන බව අග්‍රාමාත්‍යව රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ (04) රාත්‍රියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“දැන් අපිට අලුත් ගමනක් යන්න තියනවා. ආණ්ඩුවක් හැටියට අපිට පෙබරවාරි 10 වෙනිදා අපිට ලැබුණ පණිවිඩෙත් එක්ක අපේ වැඩ කටයුතු මීට වඩා සීග්‍රයෙන් කෙරෙන්න ඕන. මුළු රටටම අපේ වැඩකටයුතු දැනෙන්න ඕන. අපි වැඩ කටයුතු ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. 2015 8 වෙනිදායින් පසුව මේ රටේ විශාල වෙනසක් වෙලා තියෙනවා. පළවෙනි වෙනස තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස. අපි මේ රටේ රටේ ආර්ථිකය නගා හිටුවලා තියෙනවා. අපි ඇත්ත වශයෙන් ගමේ ජනතාවගේ ආර්ථිකය නගා සිටුවන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. අපි නියඟයට මුහුණ දුන්නා, මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දුන්නා. බඩු මිල වැඩි වීම ගැන. හැම දේම හොද විදියට ගන්න ඕන. අපි මීට වඩා ජනතාවට සමීප වෙන්න ඕන. ඊලඟ අවුරුද්ද තුළ ජනතාවට දැනෙන වෙනසක් කරන්න ඕන. අපි විශ්වාසභංගයට මුහුණ දුන්නේ පුද්ගලයෙක් ආරක්ෂා කරන්න නෙමෙයි, ආණ්ඩුවක් ආරක්ෂා කරන්න, ජනතාවගේ ජයග්‍රහණය ආරක්ෂා කරන්න. එක්සත් ජාතික පක්ෂය තුළත් අපිට පූර්ණ වෙනසක් ඇති කරන්න තියනවා. අලුත් කණ්ඩායම ඉදිරියට ගේන්න තියනවා. එක්සත් ජාතික පෙරමුණ මීට වඩා ඉදිරියට ගේන්න තියෙනවා. රටේ බහුතරයකගේ සහයෝගය දිනාගෙන අපි ඉස්සරහට යමු. මට විශ්වාසයක් තියනවා ඊලඟ අවුරුද්ද තුළදී අපිට ඒ වැඩ කටයුතු කරන්න පුළුවන් කියලා. මම ජනාධිපතිතුමත් හෙට මුණ ගැහෙනවා. එතුමාටත් ප්‍රකාශ කරනවා එතුමා ගත්ත ජයග්‍රහණයේ ඒ මූල ධර්ම අනුව අපි ඉදිරියට යනවා කියලා.” අගමැතිවරයා පවසා සිටියා.

Ranil Wickremesinghe