කබීර් හෂීම් එජාප මහලේකම්ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

0

එක්සත් ජාතික පක්ෂ මහලේකම්ධූරයෙන් අමාත්‍ය කබීර් හෂීම් ඉල්ලා අස්වී තිබෙනවා.

එක්සත්ජාතික පක්ෂය තුළ ඇති කිරීමට නියමිත පූර්ණ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියට සහයෝගය දක්වමින් මහලේකම්වරයා මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස් ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ රාත්‍රියේ දි විශ්වාසභංග යෝජනාව ජය ගැනීමෙන් අනතුරුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කරන බව ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here