‘ඡන්දෙ දෙන්න, එපා, නැගිටලා යන්න කියලා ජනාධිපති අපිට කිව්වේ නෑ’….ශ්‍රිලංනීප නොපැමිණි කණ්ඩායම ජනපති බේරයි!

0

අගමැතිට එරෙහි විශ්වාසභංගයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හැසිරිය උතු ආකාරය පිළිබඳව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කිසි විටක යම් මතයක් හෝ ප්‍රකාශ නොකළ බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.

අද (05) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කිසිසේත්ම මේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්න ඔන. විපක්ෂව ඡන්දය දෙන්න ඕන කියලා, නැත්නම් ඡන්දෙන් වැළකිලා ඉන්න ඕන කියලා කිසිසේත්ම මතයක් තිබ්බේ නැති බව මම වගකීමෙන් කියන්න ඕන. අතිගරු ජනාධිපතිතුමා බොහෝම පැහැදිළිව ඔක්කෝමගේම ඉස්සරහා කිව්වා මේ විශ්වාසභංග යෝජනාව දින්නත් පැරදුනත් මම රටේ නායකයා විදියට 5 වෙනිදා වෙනකොට රටේ ආණ්ඩුව ගෙනියන්න ඕන. මාව ගාව ගන්නවත් එපා ඕකට. පාර්ලිමේන්තු කණ්ඩායමක් විදියට ඔබතුමාලා කැමති තීරණයක් ගන්න. මට බැහැ පැත්තක් ගන්න. ආණ්ඩුවේ නායකයා විදියට එතුමා ආණ්ඩුව ගෙනියන්නත් රට පාලනය කරන්න ඕනත් කියා එතුමා සියළු දෙනාට පැහැදිළිව කිව්වා.”අමාත්‍යවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here