රනිල් විරුද්ධ වූ ශ්‍රිලංනීපයේ 16කට විශ්වාසභංග 16ක්!

0

විශ්වාසභංගයේදි අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග ඡන්ද විමසීමේදි ඡන්දය භාවිතා කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව එම පක්ෂ මන්ත්‍රීවරු පවසා සිටිනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රාජ්‍ය, නියෝජ්‍ය හා කැබිනට් අමාත්‍යධූර හොබවන මැති ඇමතිවරුන් 15 දෙනෙකුට හා නියෝජ්‍ය කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා 16 මේ වන විට අත්සන් තබමින් පවතින මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළා. එසේම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් 20 ක් පමණ මේ වන විට ඒ සඳහා අත්සන් කොට ඇති බවත් වාර්තා වෙනවා.

අගමැතිවරයාට විරුද්ධව ඡන්දය භාවිත කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ සිටිමට අයිතියක් නොමැති බවත් ඔවුන්ට ආණ්ඩුවෙන් ඉවත් හැකි බවත් රහුමාන් මන්ත්‍රිවරයා සඳහන් කළා. නමුත් එම මන්ත්‍රිවරුන්ගේ කතා වලින් ඔවුන් ආණ්ඩුව හැර යාමට සුදානම් බවක් හැගි නොයන නිසා මෙලෙස විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ බවත් ඔහු සඳහන් කළා.

“මේ ගොල්ලෝ තමයි හැමදාම කකුල් මාට්ටු දැම්මේ. නියෝජ්‍ය කතානායකවරයාගේ විශ්වාසය සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතුමාගේ ගෙදර තමයි මේ සේරම කුමන්ත්‍රණ කෙරුවේ. මේ පිළිබඳව අවිශ්වාසයක් අපිට ගොඩ නැගිලා තියෙනවා. ඒ නිසා එතුමාටත් පුළුවන් මේ ආණ්ඩුවේ ඉවත් වෙලා යන්න. අපි එතුමාට එරෙහිව විශ්වාසභංගය භාර දෙන්න කලින්. මේ 16 දෙනාට එතුමාත් ඇතුලත් වෙලා තියෙනවා.”  මන්ත්‍රීවරයා සඳහන් කළා.