අලුත් ඇමතිකම්ක් ගන්න ඉස්සල්ලා මාව අයින් කළේ ඇයි කියලා හොයන්න ඕන….මම වරදක් කළේ නෑ!

0

ඇමතිධූරය දරද්දී කිසිදු වරදක් නොකළද තමාව ඇමතිධූරයෙන් ඉවත් කිරීමට හේතු සොයා බැලීමට කාලය එළඹි ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (05) උදෑසන පැවති උත්සවයක දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.

“විලි ලැජ්ජාවක් නැත්නම් යන්න කියන්න ඉස්සල්ලා යවන්න අවශ්‍යයි. නැති වෙලාවේ උනත් අපි පෙන්නුවා පක්ෂයක් ආරක්ෂා කරන්න මොකද්ද කළ යුත්තේ කියලා. මට පුදුමයි මේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීලා ඒකේ සිටීම ගැන.”

අතුරුලියේ රතන හිමියන් එක්සත් ජාතික පක්ෂයේ ඉදලත් ඡන්දය දීමෙන් වැළකී සිටියා?

“අපේ පක්ෂය තීන්දු කරලා ඒ ගැන උත්තරයක් දේවි.”

කැබිනට් සංශෝධනයක් වෙනවද ඉදිරි දින කිහිපයේ?

“අනිවාර්යයෙන්ම වෙනවා.”

ඔබතුමාට ඇමතිධූරයක් හිමිවේද?

“ඉස්සල්ලා බලන්න ඕන මාව අයින් කළේ ඇයි කියලා. මොකද්ද කරලා තියෙන වැරද්ද. මේ එක්කෙනෙක් දෙන්නෙක් ගේ හිතුමතේට හා අපේ පක්ෂයේ ඉන්න ඊරිසියාකාර කිහිපදෙනෙකුට දේශපාලන යම් විදියකින් හිරකරන්න තියන ගමනක ප්‍රතිඵල තමයි පේන්න තිබ්බේ. හෙට අනිද්දා අලුතින් ඇතිවෙන ප්‍රතිසංවිධාන තුළ පක්ෂයට ඔරොත්ටු දෙන්න පුළුවන් වෙන විදියට, ජනතාවට ඔරෙත්තු දෙන්න පුළුවන් විදියට මේ වැඩ පිළිවෙළ තුලින් අපි කටයුතු කරගෙන යනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here