එකතු වෙලා ගත්ත තීරණයට කොන්ද කෙලින් තියාගෙන මුහුණ දුන්නා…ඇමතිකම් අපිට ලොකු නෑ…ඕන වෙලාවක අතාරිනවා…වේලාව තීරණය කරන්න අගමැතිට බෑ!

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි කණ්ඩායම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ යුතු බවට සන්ධාන මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවේදි තීරණය කළ බවත් එම තීරණය වෙනුවෙන් කොන්ද කෙලින් තබා ගෙන ඡන්දය භාවිත කළ බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා සිටියා.

ඊයේ (05) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා හමුවී අමාත්‍යධූර වලින් ඕනෑම අවස්ථාවකදි ඉවත් වීමට සූදානම් බව විශ්වාසභංගය වෙනුවෙන් පක්ෂව ඡන්දය දුන් මැති ඇමති කණ්ඩායම දැනුම් දුන් බවයි.

ආණ්ඩුවෙන් තමා ඇතුළු පිරිස ඉවත් කරන්නේ ද නැද්ද යන්න අගමැතිවරයාට තීරණය කළ නොහැකි බවත් එය ජනාධිපතිවරයාගේ තීරණයක් බවත් ඔහු සඳහන් කළා.

මේ අතර එම මාධ්‍ය සාකච්ඡාවේදිම අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවෙන් පසුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට මාධ්‍ය සාකච්ඡා 2 පැවැත්වීමට සිදුව ඇති බවයි.

“නියෝජ්‍ය කතානායකතුමාට පාර්ලිමේන්තුව ඇතුලේ කතානායකගේ බෑණා ගහන්න හදනවා. මේ එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් හදලා නෙමෙයි හොදේ මේ. මේ විශ්වාසභංග යෝජනාවේ ප්‍රතිඵලයක් ඇවිල්ලා.” රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

ඡන්දය දීමෙන් වැළකී ඉන්න ස්වාධීන තීරණයක් එතුමා ගත්තා කියලා කිව්වා?

“කවුද කිව්වේ”

මහින්ද සමරසිංහ අමාත්‍යතුමා…..

“අපි මහින්ද සමරසිංහ ඇමතිතුමාගේ ගෙදර තිබ්බ සාකච්ඡාවට එතුමා පැමිණියෙත් නෑ.”

විජයමුණි සොයිසා ඇමතිතුමත් ඒ ගැන කිව්වා?

“විජයමුණි ඇමතිතුමත් ආවේ නෑ.”

රාජිත සේනාරත්න ඇමතිතුමා කියනවා පක්ෂව ඡන්දය දුන්න අය අත්හැරලා සදුදා වන විට නව කැබිනට් මණ්ඩලයක් හදන්න ජනාධිපතිතුමාත් එකඟ වුණා කියලා?

“එතුමා හැමදේම කරනවා, සෞඛ්‍ය හැරෙන්න. ඉතින් එතුමාට මට කියන්න තියෙන්නේ ඔබතුමා සෞඛ්‍ය වැඩේ කරන්න. ජනාධිපතිතුමා ජනාධිපතිගේ වැඩේ කරයි. එතුමා වැඩ කරන හැටි ප්‍රවෘත්ති සාකච්ඡාවකදි පේන්න තිබුණානේ. හැබැයි එතුමා එතුමාගේ පුතාගෙන් ඇහුවා නම් පුතා කියලා දෙයි කාටවත් අහුනොවි වැඩ කරන හැටි.